සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 952

නිෂ්ඨාව

1. නා. කෙළවර; අවසානය; පරතෙර.
2. නා. අර්හත් ඵලය; රහත්බව.

නිෂ්ඨුර

නා.ප්‍ර. සැර; චන්ඩ; කඨින; තද.

නිෂ්ණාත

වි. නිපුණ; දක්ෂ; හසල.

නිෂ්පත්තිය

1. නා. හටගැනීම; උපත; ඇති වීම; ප්‍රභවය.
2. නා. නිමාව; අවසන; කෙළවර.

නිෂ්පන්න

1. වි. උපන්; හටගත්; පහළ වූ; නිපන්.
2. (ව්‍යාක.) වි. තම රටෙහි ම පහළ වූ; දේශීය ශබ්ද හා සම්බන්ධ; තත්සම හෝ තද්භව හෝ නොවන.
3. වි. පෙර නොපැවති යමක් අලුතින් උපදවන.

නිෂ්ප්‍රපඤ්චය

(අභි.) නා. ප්‍රමාද රහිතබව; අප්‍රමාදය.

නිෂ්ප්‍රභ

1. නා.ප්‍ර. කාන්ති රහිතබව; නොබැබළීම.
2. නා.ප්‍ර. බල රහිත; අක්‍රිය.

නිෂ්ප්‍රභ කරනවා

1. ක්‍රි. බැබළීම නවත්වනවා; එළිය නැති කරනවා.
2. ක්‍රි. බලරහිත කරනවා; නිෂ්ඵල කරනවා; ක්‍රියා විරහිත කරනවා.

ක්‍රි. ඉවතලනවා; ප්‍රතික්ෂේප කරනවා.

නිෂ්ප්‍රයෝජන

වි. පල ප්‍රයෝජන රහිත; නිරර්ථක.

නිෂ්පාදක

1. නා. උපදවන හෝ නිපදවන හෝ තැනැත්තා.
2. නා. පෙර නොපැවති යමක් අලුතින් උපදවන තැනැත්තා.
වි. උපදවන; නිපදවන; නිෂ්පාදනය කරන.

නිෂ්පාදන

නා.ප්‍ර. අලුතින් නිපදවීම; නිර්මාණය කිරීම.
1. වි. උපදවන හෝ නිපදවන; සම්පාදනය කරන.
2. වි. පෙර නොපැවති යමක් අලුතින් උපදවන.

නිෂ්පාදන අවදානම

නා. නිපදවීම පිළිබඳ අස්ථීර තත්ත්වය.

නිෂ්පාදන සාධක

(පාරිභා.) නා.ප්‍ර. නිෂ්පාදනයට මූලික වන කරුණු; නිපදවීම සඳහා උපකාරී වන දේ.

නිෂ්පාදනය

නා. අලුතින් උපදවීම; නිපදවීම; නිර්මාණය.

නිෂ්පාදිත

වි. සෑදූ; නිපදවන ලද.

නිෂ්පාදිතය

නා. සාදන ලද දෙය; නිපද වූ ද්‍රව්‍යය.

නිෂ්පාප

වි. පවින් තොර; පාප රහිත; පව් නැති; නිෂ්පාපී.

නිෂ්පාපියා

නා. පවින් තොර තැනැත්තා; පව් කිරීමෙන් ඈත් වූ පුද්ගලයා.

නිෂ්පීඩන

නා.ප්‍ර. පීඩන ගතියෙන් යුතු වීම; තෙරපීම; මිරිකීම.

නිෂ්පේෂණය

(පාරිභා.) නා. ඇඹරීම; අඹරා සකස් කිරීම; ඖෂධ චූර්ණ සෑදීම.

නිෂ්ඵල

වි. ඵලයක් නැති; වැඩකට නැති; ප්‍රයෝජන රහිත; නිරර්ථක.

නිෂේචනය

නා. ඉසීම; වත් කිරීම; වැගිරැවීම.

නිෂේධ

වි. වළක්වන; බාධා කරන; තහනම් කරන.