සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 951
නිෂණ්ණය
නා. හිඳගැනීම; නිසීදනය.
නිෂදනය
නා. හිඳීම; වාඩි වීම.
නිෂද්‍ය
වි. හිඳීම පිළිබඳ; ඉඳගැනීම සම්බන්ධ.
නිෂද්යදෝෂ
නා.ප්‍ර. හිඳගැනීම පිළිබඳ දෝෂ; උතුමන් ඉදිරියේ හිඳ කථා කරන්නකු විසින් දුරු කළ යුතු දෝෂ.
නිෂද්යය
නා. සතර ඉරියවුවෙන් එකක් වන හිඳ ගැනීම; වාඩි වීම.
නිෂ්කණ්ටක
1. වි. කටු නැති.
2. වි. සොර සතුරු උවදුරු නැති; නිරවුල්.
නිෂ්කරණ
වි. මුල් අරුතට සම්පූර්ණයෙන් ඈත් වූ; වෙන් වූ.
නිෂ්කර්දම
වි. මඩ නැති; පිරිසුදු.
නිෂ්කර්මතාව
නා. ක්‍රියා නොකරන තත්ත්වය; අක්‍රියශීලී භාවය.
නිෂ්කර්ෂණය
1. නා. සාරය වෙන් කොට ලබා ගැනීම.
2.(පාරිභා.) නා. යම් සමස්ත වස්තුවකින් අංශයක් හෝ ගුණයක් හෝ පමණක් වෙන් කර ගැනීම (=abstraction).
නිෂ්කර්ෂය
1. නා. අර්ථයෙහි හරය; අර්ථසාරය.
2. (පාරිභා.) නා. සාරකය (=extract).
නිෂ්කලඞ්ක
1. (පාරිභා.) නා. කැලැල් නැති; නිකැලැල්; නිර්මල·
2. නා. ආබාධ රහිත; සන්සුන්.
3. නා. සම්බාධවලින් තොර; විවේකී.
නිෂ්ක්‍රමණය
1. නා. නික්මීම; නික්ම යෑම.
2.(පාරිභා.) නා. රටක් හැර අනෙක් රටකට යෑම; විගමනය (=emigration).
නිෂ්ක්‍රාන්ත
1. වි. නික්මුණු; පහව ගිය.
2. වි. පෘථිවි අභ්‍යන්තරයේ ඇති මැග්වා පොළොව මතුපිටට අවුත් ඝනවීමෙන් සෑදෙන පාෂාණ හා සම්බන්ධ.
නිෂ්ක්‍රිය
වි. ක්‍රියාකාරී නොවන; අක්රියකාරී; ප්‍රතිඵලයක් නොදෙන.
නිෂ්ක්රියතාව
නා. ක්‍රියාකාරිත්වයෙන් තොරබව; උනන්දුවෙන් තොරබව; කුසීතභාවය.
නිෂ්කාම
වි. ආශා රහිත; ආත්මාර්ථකාමී නොවූ.
නිෂ්කාම ක්‍රියාව
(පාරිභා.) නා. පෞද්ගලික ලාභය ගැන නොතකන ක්‍රියාව (=disinterested action).
නිෂ්කාරණ
වි. කාරණ රහිත; හේතු රහිත; හේතුවක් නැති.
නිෂ්කාරණය
1. නා. හේතුවක් නොවූව; ආකාරයණය.
2. නා. කාරණා රහිත බව.
නිෂ්කාසනය
1. (පාරිභා.) නා. වරායකින් පිටත් ව යෑමට පෙර නැවක් ඒ වරායට තීරුබදු ආදිය ගෙවීම හා සියලු බැඳීම් වලින් නිදහස් වීම (=cleaning).
2. නා. බැංකුවක් මගින් චෙක්පත් සහ බිල්පත් හුවමාරු කර වෙනස පමණක් මුදලින් ගෙවීම.
නිෂ්කාසය
(පාරිභා.) නා. පිට කිරීම; නිර්ගමය (=exhaust).
නිෂ්කෘතිය
1. නා. කළ වරදට කමා කරවා, ඉන් නිදහස් වීම හෝ ඊට වන්දි ගෙවීම.
2. නා. යම් ක්‍රියාවක ඵල රහිතබව.
නිෂ්ඨා කාරණය
(පාරිභා.) නා. අවසන් හේතුව (=cause final).