සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 950
නිශ්ශාඛ
(පාරිභා.) වි. අතු බෙදීමක් නැති; නිහඬ; තුෂ්ණිම්භූත.
නිශ්ශේෂ
වි. ශේෂයක් නොමැති; සකල; සියලු.
නිශ්ශෝක
වි. ශෝක නොකරන; කනගාටුවක් නැති.
නිශ්ශෝභ
වි. ශෝභා රහිත; කනගාටුවක් නැති.
නිශ්ශෝභා
නා. ශෝභාවෙන් තොර වීම; බැබළීමක් නැතිකම.
නිශ්‍රය
1. නා.ප්‍ර. ඇසුර; ආශ්‍රය; සබඳතාව.
2. නා.ප්‍ර. හේතුව; නිමිත්ත; මුල් වූ කරුණ.
නිශ්රයාක්ෂර
නා.බහු. ප්රාණාක්ෂර; ස්වර.
නිශ්රිත
වි. ඇසුරු කළ; ඇසුරු කොට පැවති; පිළිබඳ; ඇතුළත්; යුක්ත; යෙදුණු.
නිශ්‍රීක
1. වි. නිසරු; හරවත්බවක් නැති.
2. වි. අභාග්‍ය සම්පන්න; අවාසනාවන්ත; කාලකණ්ණි.
නිශා
1. නා.ප්‍ර. රාත්‍රිය; රැය; රෑ.
2. නා.ප්‍ර. ප්‍රකට ඖෂධ විශේෂයක්; කහ, කසා.
නිශා පුෂ්පය
නා. චන්ද්‍රයා; සඳ; නිශානාථ; නිශාපති.
නිශා භාගය
නා. රාත්‍රී කාලය; රාත්‍රිය.
නිශා මුඛය
නා. සැන්දෑ කාලය; ගොම්මං වේලාව.
නිශාකරයා
නා. චන්ද්‍රයා; සඳ.
නිශාකාශය
නිශාචර
වි. රාත්‍රි කාලයේ හැසිරෙන; රාත්‍රියේ ඇවිදින; රෑ ගමන් ඇති.
නිශාචරයා
1. නා. රාත්‍රියෙහි ඇවිදින පුද්ගලයා; රෑ හැසිරෙන්නා.
2. නා. සොරා.
3. නා. යක්ෂයා.
නිශාදිය
නිශාදීප්ත වලාකුළ
(පාරිභා.) නා. පොළොවේ සිට කිලෝමීටර් 70ක් 90ක් අතර තරම් දුරින් අහසේ පෙනෙන වලාකුළු විශේෂය (=noctilucent cloud).
නිශාධීශ
නා.ප්‍ර. චන්ද්‍රයා; සඳ; නිශානාථ; නිශාපති.
නිශාපුෂ්පී
(පාරිභා.) වි. රෑට පිපෙන මල් ඇති (=nyctanthous).
නිශිත
වි. මුවහත් කළ; තියුණු; තීක්ෂ්ණ.
නිශේන්ද්‍ර
නිෂණ්ණ
වි. හිඳගත්; වාඩිවුණු.