සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 949
නිවේද්යරෝග
(පාරිභා.) නා.ප්ර. යමකුට වැලඳුන හොත් ඒබව සෞඛ්ය හේතු සලකා රජයේ සෞඛ්ය බලධාරීන්ටත් මහජනතාවටත් දැන්විය යුතු රෝග (=notifiable diseases).
නිවේදිත
වි. දන්වන ලද; නිවේදනයක් කරන ලද.
නිවේධනය
(පාරිභා.) නා. ස්රාවයක් හෝ ස්රාවය විදින අවයවයක් හෝ ජීවියකුගේ ශරීරයට ඇතුළු වීම. (=penetration).
නිවේශනය
1. නා. ඇතුළු කිරීම; ප්රවිෂ්ට කිරීම.
2. (පාරිභා.) නා. ජීවියකුගේ ශරීරයට හිඟ වී ඇති ලේ හෝ ලේ වලින් වෙන්කර ගත් කොටසක් හෝ ඇතුළු කිරීම (=transfusion).
නිවේශය
1. නා. තැබීම; පිහිටුවීම; ප්රවේශය.
2. නා. යම්කිසි ස්ථානයක රැඳී සිටීම.
නිවේසනය
නා. නිවාසය; නිවෙස; ගෘහය.
නිශරණ
වි. අසරණ; පිහිටක් නැති; තනි.
නිශ්කේශර
(පාරිභා.) වි. කේශර රහිත (=atrichous).
නිශ්චය
නා.ප්ර. ස්ථීර ලෙස ගන්නා ලද නිගමනය; තීරණය; තීන්දුව; නිර්ණය.
නිශ්චය කරනවා
ක්රි. ස්ථිර නිගමනයක් ගන්නවා; තීරණය කරනවා; නිර්ණය කරනවා.
නිශ්චල
වි. සෙලවීමක් නැති; ස්ථාවර; කැලඹීමක් නැති; චංචල නොවන; අචල.
නිශ්චල භාවය
1. නා. වංචල නොවන ස්වභාවය.
2. නා. අටලෝ දහම්හි නොසැලෙන ගුණය; අකම්ප්යතාව; තාදි ගුණය.
නිශ්චලදේපළ
නා.ප්ර. ඉඩකඩම්, නිවාස ආදි ස්ථාවර දේපළ.
නිශ්චලනය
(පාරිභා.) නා. ආයෝජන බාධක හේතුවෙන් නිෂ්පාදන හීන වී ආර්ථිකයේ ඉදිරි ගමන වැළැකීම. (=stagnation).
නිශ්චලීකරණය
(පාරිභා.) නා. (සත්ව.) නිශ්චල කිරීම; අක්රියකරණය (=immobilization).
නිශ්චායක
වි. නිශ්චය කරන.
නිශ්චායකය
1. නා. යමක් කිරීමට සහාය වන සාධකය හෝ හේතුව; ආසන්න හේතුව.
2. නා. ගණිත ගැටලු ආදිය විසඳීමේ දී නිගමනයකට එළඹීමට, අවසාන නිශ්චයක් කිරීමට සහාය වන දෙය (=determinant).
නිශ්චිත
වි. නියමිත; ඒකාන්ත; නොඅනුමාන; තීරණ වූ; නිශ්චය කළ.
නිශ්චිතාර්ථය
[නිශ්චිත + අර්ථය]
නා. නියත වසයෙන් ගත හැකි තේරුම; නියම අදහස; පැහැදිලි අරුත.
නිශ්චේතකය
(පාරිභා.) නා. නිර්වින්දනය ඇති කරන ඖෂධය; නිර්වින්දකය (=anaesthetic).
නිශ්චේෂ්ට
වි. ක්රියා නොකරන; උත්සාහ රහිත.
නිශ්චේෂ්ටිත
වි. අක්රිය; නොසෙල්වෙන; අකම්ප්ය.
නිශ්ශඞ්ක
වි. සැකයෙන් තොර; නිසැක.
නිශ්ශබ්ද
වි. ශබ්දයක් නැති; නිහඬ; තුෂ්ණිම්භූත.