සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 948
නිවැසි
වි. වාසය කරන; ආවාසික; නේවාසික.
නිවැසිය
(පාරිභා.) නා. කුලී ගෙවීමට පදිංචි වීම. (=tenancy).
නිවැසියා
1. නා. වාසය කරන්නා; නේවාසිකයා; පදිංචිකරු.
2. නා. කුලී ගෙයක පදිංචිකාරයා; බදුකරු.
නිවි
නා.ප්‍ර. ගොවියා; කෘෂිකාර්මිකයා.
නිවිට්ඨ
වි. ඇතුළු වූ; පිහිටි; නිවිෂ්ට.
නිවී
1. නා.ප්‍ර. නෙරිය; නරුපට; රැළිපට.
2. නා.ප්‍ර. වෙළඳාම්; වෙළෙඳ බඩු.
නිවීග්රාහක
නා.ප්‍ර. ගණන් ගැනීම හා ගණන් පිරික්සීම කරන්නා.
නිවීසැනහිල්ලේ
ක්‍රි.වි. නිදහස්ව; විවේකීව; බාහිර කරදරයක් නැති ව.
නිවුගෙඩියා
1. නා. විෂ වෛද්‍යවරයා; සර්ප වෙදා.
2. නා. නයින් අල්ලා නටවන්නා; අහිගුණ්ඨිකයා.
නිවුඩ්ඩ
නා. සහල්, මුං ආදි ඇට වර්ගවල පිට පොත්තට යටින් බීජය වසා සිටින තුනී සිවිය; කුරුට්ට.
නිවුඩුහාල්
නා.ප්‍ර. රතුපාට සිවිය සහිත සහල්; ශුද්ධ නොකරන ලද හාල්; නොපාහින ලද සහල්.
නිවුන
නා. නගුල් මිට.
නිවුන්
වි. එකවර උපන්; එකට බිහිවුණු.
නිවුන් දරුවා
නා. තවත් බිලිඳකු හා උපන් දරුවා; නිඹුල් දරුවා.
නිවෘත
1. වි. වැසුණු; වැළකුණු; වට වී ඇති.
2. වි. කිලිටු; අපිරිසිදු.
නා. වැස්ම; තිරය; සළුව.
නිවෘත්ත
වි. නැවතුණා වූ; වැළකුණු.
නිවෘත්තිය
නා. නැවතීම; සන්සිඳීම; අභාවය; වැළකීම.
නිවෘන්ත
වි. නටුව රහිත; නැටි නැති.
නිවෙනවා
ක්‍රි. ගින්දර නිවී යනවා; සිසිල් වෙනවා; උණුසුම අඩු වෙනවා; ඇල් වෙනවා.
නිවෙස
නා. නිවාසය; ගෘහය, ගෙය.
නිවෙස්පති
නා.ප්‍ර. නිවාසයෙහි හිමියා; ගෙහිමියා; ගෘහමූලිකයා.
නිවේදක
(පාරිභා.) නා.ප්‍ර. නිවේදනය කරන්නා; දන්වන්නා (=announcer).
නිවේදනය
නා. දැන්වීම; දැනුම්දීම; දන්වා සිටීම; රජයකින් හෝ ආයතනයකින් හෝ වගකිව යුත්තකු හෝ කරන නියමය; නීත්‍යනුකූල ප්රකාශනය; දැනුම් දිය යුත්ත.
නිවේද්‍ය
වි. දැන්විය යුතු; දැනුම් දිය යුතු.