සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 954

නිසඳුරු

නා.ප්‍ර. රාත්‍රි අන්ධකාරය.

නිසභ

නා.ප්‍ර. ශ්‍රේෂ්ඨයා; උත්තමයා; මනුෂ්‍යයන් අතරෙහි ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ.

නිසයුරු

නා.ප්‍ර. රාත්‍රිය කරන්නා වන චන්ද්‍රයා; නිශාකරයා.

නිසරණ

වි. පිහිටක් නැති; සරණක් නැති; අසරණ.

නිසර්ග

වි. ස්වාභාවික; උපතින්ම වූ; නිසග.

නිසර්ගය

නා. ස්වභාව ගතිය; ඇතිසැටිය.

නිසරු

1. වි. හරයක් නැති; නිෂ්ඵල; නිස්සාර.
2. වි. නින්දා සහගත; නින්දනීය; ගර්හිත.

නිසරු කරනවා

1. ක්‍රි. නිස්සාර කරනවා; පලක් නැති කරනවා; නිෂ්ඵල කරනවා.
2. ක්‍රි. නින්දා කරනවා; අවඥා කරනවා; හෙළා දකිනවා.

නිසරු දිය

(පාරිභා.) නා. ඔක්සිජන් බහුල වශයෙන් ද්‍රාවණය වි ඇති පැළෑටි ආහාර හිඟ ජලය.

නිසරුබිම

නා.ප්‍ර. වෘක්ෂ ජීවිතයට හෝ සත්ත්ව ජීවිතයට හෝ හිතකර නැති බිම.

නිසල

වි. නොසෙල්වෙන; නිශ්චල,

නිසවත්ත

නා. නිවසක ඉදිරිපස ශාලාව; ඉදිරි ආලින්දය; පෝටිකෝව.

නිසවර

නා.ප්‍ර. රැයෙහි ශ්‍රේෂ්ඨයා; චන්ද්‍රයා; සඳ.

නිස්කම

වි. නිෂ්ඵල; වැඩකට නැති; නිකරුණේ.

නිස්කරණේ

ක්‍රි.වි. නිකරුණේ; නිශ්ඵල ව; වැඩකට නැති ව.

නිස්කලංක

1. වි. කැළලින් තොර; නිර්මල; දෝෂ නැති.
2. වි. කරදර හිරිහැර නැති; විවේක පහසුව ඇති.

නිස්කලංකය

නා. කරදර හිරිහැර නැතිබව; සැනසිල්ල.

නිස්ක්‍රියතාව

නා. කුසීතභාවය; උනන්දු නැතිකම.

නිස්ටැග්මය

(පාරිභා.) නා.ප්‍ර. අක්ෂිගෝලයේ ස්වයංක්‍රීය චලනය.

නිස්තබ්ධ

වි. පණ නැති වූ; හිරිවැටුණු; මුර්ඡා වූ; සිහි නැති.

නිස්තරණය

නා. (විනය.) එතරවීම; නිදහස්වීම.

නිස්තල

1. වි. වටකුරු; ගෝලාකාර.
2. වි. චංචල.

නිස්ත්වවිකෘත

වි. පොතු ගලවන ලද; පතුරු හරින ලද.