සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 955
නිස්ත්රිංශ
නා.ප්‍ර. ආයුධ විශේෂයක්; කඩුව.
නිස්තාදි
නා.බහු. අතමිට හිඟකම; මුදල් හදල් නැති බව.
නිස්තාර
(පාරිභා.) වි. දෙකොන සම්බන්ධ නොකොට ශබ්ද ධ්වනියක් යැවිය හැකි උපකරණය පිළිබඳ වූ; ගුවන් විදුලි යන්ත්‍ර පිළිබඳ.
නිස්තාරණ
වි. එතෙර කරවන; තරණය කරවන.
නිස්තීර්ණ
වි. (සංසාරයෙන්) එතෙර වූ; මිදුණු; නිදහස් වූ.
නිස්තුෂ
වි. පිරිසුදු; පවිත්‍ර.
නිස්තෝදන
වි. අනින; විදින.
නිස්පර්යාය
වි. සමාන අර්ථවත් වචන නැති; පරියාය වචනයෙන්ගෙන් තොර.
නිස්ප්රපංච
නා.ප්‍ර. ප්‍රමාදයෙන් තොරවීම; අප්‍රමාදබව.
නිස්ප්‍රභා
වි. කාන්තිය නැති; රශ්මිය නැති; ප්‍රභාවෙන් තොර.
නිස්වාස
නා.ප්‍ර. මුඛයෙන් පිටවන වායුව; සුසුම.
නිස්සංක්රාම්ය
(පාරිභා.) වි. තැනින් තැනට මාරු නොවන; අචල; ස්ථිර.
නිස්සංකා
නා.ප්‍ර. සැක නැතිබව.
නිස්සංග
වි. ඇලීමකින් තොර; නොබැඳෙන; ආශා රහිත.
නිස්සංශය
වි. සැකයෙන් තොර; අනුමාන කිරීමකින් තොර.
නිස්සග්ගිය
1. නා.ප්‍ර. අදත්තාදාන පාරාජිකාවේ එන පස්විසි අවහාරයන් අතුරෙන් එකක්.
2. නා.ප්‍ර. මනුෂ්‍ය විග්රහ පාරාජිකාවේ එන, මිනිසකු මැරීමේ උපක්‍රම සයෙන් තෙවැන්නෙහි නාමය.
3. නා.ප්‍ර. පචිති ඇවැත් විශේෂයක්.
නිස්සඞ්කාව
නා. සැක නැතිබව; විශ්වාසය; නිරනුමානය.
නිස්සජ්ජනය
නා. (විනය.)මුදා හැරීම; ඉවත් කිරීම; අත්හැරීම.
නිස්සත්ත්ව
වි. සත්ත්වයකු නොවූ; පුද්ගලයකු නොවූ; ආත්මයෙන් තොර.
නිස්සන්දඵලය
නා. අනුරූප විපාකය; කරන ලද යහපත් හෝ අයහපත් ක්‍රියාවන්ගෙන් ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිඵලය.
නිස්සන්දය
නා. ගලා යෑම; විපාකය; ඇතිවීම; උත්පත්තිය; නිෂ්පත්තිය.
නිස්සන්දේහ
නා.ප්‍ර. නිසැකබව; සංශය විරහිතාව; විචිකිච්ඡාවෙන් තොරවීම.
නිස්සය
1. (විනය.) නා.ප්‍ර. ඇසුරෙහි විසීම; පිහිටකොට ගෙන වාසය කිරීම; නිස දුන් ආචාර්යවරයා ආශ්‍රයෙහි නවක උපසපන් භික්ෂූන් බණදහම් පුහුණුවෙමින් විසීම.
2. නා.ප්‍ර. ඇලීම; බැඳීම; වැලඳ ගැනීම.
3. නා.ප්‍ර. භික්ෂු ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සිවුපසය.
නිස්සරණ
1. නා.ප්‍ර. සසරින් නික්මීම; නිවන; කෙලෙසුන්ගෙන් මිදීම; නොපැවතීම.
2. (පාරිභා.) නා.ප්‍ර. වායුවෙහි ගමන; තද විසරණයට ම සුදුසු සිදුරුවලට වඩා විශාල සිදුරු අතරෙන් සිදුවන වායු ස්‍රවය.
3. (පාරිභා.) නා.ප්‍ර. ගලයෑම; පැතිරීම.
4. නා.ප්‍ර. කාන්දුවීම; සෙමෙන් වැගිරීම.