සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 973
නොතාරිස්
නා.ප්‍ර. ඔප්පු තිරප්පු ආදිය නීත්‍යනුකූල ව ලියා සහතික කිරීමට බලය ලත් තැනැත්තා.
නොතැන
නා. සුදුසු නොවූ තැන; නුසුදුසු ස්ථානය; නොනිසි තැන.
නොතිත්
වි. සෑහීමක් නැති; තෘප්තිමත් නොවන; අතෘප්තිකර.
නොතිරබව
නා. අස්ථිරබව.
නොතීසිය
නා. අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වන නිවේදනය.
නොතුස්
වි. අසතුටු; අසන්තෝෂ; අභිනන්දනය නොවන.
නොදරුවා
නා. යමක් කමක් තේරුම් ගත හැකි වයසට පත් නොවූ කුඩා දරුවා.
නොදැමි
වි. දමනය නොවූ; නොහික්මුණු; අදම්‍ය වූ.
නොදිටුවිරී
වි. පෙර නොදන්නා ලද; අදෘෂ්ට පූර්ව.
නොදියටි
වි. දීමට අකමැති.
නොදිලි
වි. දිලිසෙන්නේ නැති; තරමක් රළු සේ පෙනෙන.
නොදිලි නිමාව
(පාරිභා.) නා. තරමක් ගොරෝසු සේ පෙනෙන නිමාව.
නොදුරු
වි. දුර නැති; ආසන්න; ළං වූ; සමීප.
නොදෙවන
වි. දෙවන නොවන; පළමු තැනට ම එන; අද්විතීය.
නොදෙවි
වි. නොසේදූ; නොදොවන ලද; ධෝවනය නොකළ.
නොනගතය
නා. නැකැත් නැති කාලය; පුණ්‍ය කාලය.
නොනැමෙන
වි. නැමෙන්නේ නැති; නැමිය නොහැකි; අනම්‍ය.
නොනැවත
ක්‍රි.වි. නැවතීමක් නැති ව; වහා; වේගයෙන්.
නොනෑ
1. වි. නෑකම් නැති; නැදෑ නොවන; ඥාති නොවූ·
2. වි. නොනැසිය හැකි; අවධ්ය.
නොනෑයා
නා. නෑ නොවන තැනැත්තා; නෑයකු නොවන්නා; නෑකම් නැති පුද්ගලයා.
නොනිමන
වි. අවසාන නොවන; නිම නොවන.
නොනිමි
වි. නිමාවට පත් නොකළ; සම්පූර්ණ නොකළ.
නොනිසි
වි. සුදුසු නොවූ; නුසුදුසු; අයෝග්‍ය; අනිසි.
නොපණත්
වි. වැරදි සහගත; නීති විරෝධි; අකීකරු.