කුණ්ඩල

kuṇḍala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගඩු රෝග විශේෂයක්.
2. නා.ප්‍ර. කනෙහි පලඳින ආභරණයක්; තෝඩුව; කොඬොල; කුණ්ඩලාභරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කනෙහි පලඳින තෝඩුව; කොඬොල (පා. සං. කුණ්ඩල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඔරලෝසු දුන්නක මෙන් තිබෙන නැම්ම; ක‍ඬොල; කුඩුක්කම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කුණ්ඩලාභරණය, කර්‍ණාභරණය, කො‍ඬොල්. (පි. 255)

Digital Pāḷi Dictionary