බුද්ධදත්ත පාලි අකාරාදිය – 217

කුටිලතා

ඉ. ඇද බව; වංක බව.

කුටුම්බ

න. පවුල.

කුටුම්බික

පු. කෙළෙඹියා; පවුලක් ඇත්තා; පවුල්කාරයා.

කුඨාරී

ඉ. කෙ‍ටේරිය; පොරොව.

කුඩ්ඩ

න. බිත්තිය.

කුඩුමල

පු. මොට්ටුව.

කුණප

පු. අපවිත්‍ර දෙය; මළ සිරුර.

කුණපගන්ධ

පු. මළ සිරුරේ ගඳ.

කුණ්ඨ

3. මුවහත නැති; මොට්ට වූ .

කුණ්ඨෙති

(කුණ්ඨ+ණෙ) මොට්ට කරයි.

කුණ්ඩක

න. සහල් කෙටීමේ දී ලැබෙන කුඩු.

කුණ්ඩකපූව

පු. න. කුඩු වලින් තැනූ රොටී හෝ හැලප.

කුණ්ඩල

න. ඔරලෝසු දුන්නක මෙන් තිබෙන නැම්ම; ක‍ඬොල; කුඩුක්කම.

කුණ්ඩලකෙස

3. බොකටු හිස කෙස් ඇති.

කුණ්ඩලාවත්ත

3. ඔරලෝසු දුන්නක් මෙන් වක් ගැසුණු; සොරුණ්ඩි ගැසුණු.

කුණ්ඩලී

3. කුඩුක්කම් ඇති; කුණ්ඩල ඇති.

කුණ්ඩිකා

ඉ. කුඩා පැන් භාජනය; කෙණ්ඩිය; ජග්ගුව.

කුණ්ඩී

ඉ. කුඩා පැන් භාජනය; කෙණ්ඩිය; ජග්ගුව.

කුණාල

පු. කොවුලා; පක්ෂි වර්ගයක්.

කුණී

පු. අත් කොර වූ අය.

කුත්ත

න. ආකල්පය; පැවැත්ම; ලීලාව.

කුත්තක

න. ස්ත්‍රීන් ‍12ට නැටිය හැකි තරම් විශාල පළස.

කුත්ථ

නි. කොහේ.

කුත්ථ. නි

කොතැන.