සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 393
කුඩ
√ චු. වෙඨනයෙහි, කුණ්ඩෙති, කුණ්ඩයති, වෙළයි. (පි. 255)
කුඩ්ඩ
න. බිත්තිය, කුඩා, ක්ෂුද්‍ර. (පි. 255)
කුඩ්ඩනගර
න. කුඩානගරය, ක්ෂුද්රනගරය. (පි. 255)
කුඩ්ඩපාද
පු. බිත්තිමුල, අත්තිවාරම. (පි. 255)
කුඩි
√ භු. දැවීමෙහි, කුණ්ඩති, දවයි. (පි. 255)
කුඩුබ
පු. උලුක්කුව, පත. (පි. 255)
කුඩුමල(ලක)
පු. පිපෙන තරම් මුහුකළ කැකුළ. (පි. 255)
කුණ
√ චු. සංකොචනයෙහි=හැකිළීමෙහි, කුණෙති, කුණයති, හැකිළෙයි=ඇකිළෙයි.
√ භු. ශබ්දයෙහි, උපකරණයෙහි, කුණති, කුණෙති, ශබ්දකෙරෙයි, උපකරණ කරයි. (පි. 255)
කුණප
පු. න. මළකුණ, මෘතශරීරය, මිනිය. (පි. 255)
කුණ්ඨ
පු. ක්‍රියාවෙහි අසමර්ථයා මොට=තියුණු විරහිත. (පි. 255)
කුණ්ඨති
ක්‍රි. (කුඨි √ බලනු. වකුටුවෙයි. (පි. 255)
කුණ්ඨිත
ක්‍රි. මොටවනලද, වකුටුවන ලද. (පි. 255)
කුණ්ඩ
න. සැළිය, ධාන්‍යකුඩු.
පු. ගොයා, ගොඩයා, තලගොයා. (පි. 255)
කුණ්ඩක
පු. ධාන්යකූඩා, කණ. (පි. 255)
කුණ්ඩති
ක්‍රි. කුඩි √ භු. බලනු. දවයි. (පි. 255)
කුණ්ඩමත්තිකා
ඉ. ධාන්‍ය කුඩු පමණ ඇති ද්‍රව්‍යය. (පි. 255)
කුණ්ඩල
න. කුණ්ඩලාභරණය, කර්ණාභරණය, කොඬොල්. (පි. 255)
කුණ්ඩලී
පු. සූර්‍ය්‍යයා, කුණ්ඩල ඇති. (පි. 255)
කුණ්ඩිකා
ඉ. කෙණ්ඩිය, කොතලේ. (පි. 255)
කුණ්ඩිත
ති. ගානලද, තවරන ලද, අතුල්ලන ලද. (පි. 255)
කුණාල
පු. එනම් විල, කොවුල් පක්ෂියා. (පි. 255)
කුණී
පු. වක්වූ ඇඟිලි පා ඇත්තා. (පි. 255)
කුත්ත
ති. කපන ලද්ද, කරන ලද්ද, මවන ලද්ද. (පි. 255)
කුත්තක
න. ස්ත්‍රීන් සොළසක් සිට නටන්නට සුදුසු එළු ලොමින් කළ එනම් ඇතිරිය. (පි. 255)