සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 392

කුඤ්චනාද

පු. ඇතුන්ගේ නාදය, කුඤ්ච නාදය. (පි. 254)

කුඤ්චිකා

ඉ. කෙස්ස, යතුර. (පි. 254)

කුඤ්චිකාවිවර

න. කෙසිවිද, යතුරු කපල්ල. (පි. 254)

කුඤ්චිත

ති. වක්වූ (වකුටු) දේ “කුඤ්චිත කෙසො.” (පි. 254)

කුඤ්ජ

පු. න. ලතාදියෙන් වැසුනු ලෙන. (පි. 254)

කුඤ්ජර

පු. ඇතා, ශ්‍රේෂ්ඨයා. (පි. 254)

කුඤ්ජල

පු. කාඩිජලය. (පි. 254)

කුට

√ චු. අප්‍රසාදයෙහි, කුටෙති, කුටයති, වංචා කෙරෙයි.
පු. න. කලස, කළගෙඩිය. (පි. 254)

කුටක

පු. වංචාකාරයා. (පි. 254)

කුටජ

පු. කෙලිඳ, “රොගං කුටති ඡින්දතීති කුටජො.” (පි. 254)

කුටති

ක්‍රි. (√ චු. කුට-අප්පසාදනෙ, අප්‍රසාදයෙහි +ති) අප්‍රසාද කෙරෙයි, වංචා කෙරෙයි. (පි. 254)

කුටධාරිකා

ඉ. දාසිය, කලමිඩිය, ඝටදාසිය. (පි. 254)

කුටන්තට

න. දසපූර, කොටවියාමුරු, සෙවෙල් රැස්හි හටගන්නා වම්මුතු ආකාර වර්ගයක්, තෛවර්‍තමුස්කා නම් ද්‍රව්‍යය, ජල මුස්තා, සුළුකූර, තොටිල. (පි. 254)

කුටව

න. කූඩුව, කැදැල්ල. (පි. 255)

කුට්ඨ

න. උපුල් කොල, කුෂ්ඨ රෝගය. (පි. 254)

කුට්ඨි

ති. කුෂ්ට ඇත්තා. (පි. 254)

කුට්ඨින

පු. කුෂ්ට රොගියා, ලැදුරු රොගියා. (පි. 254)

කුට්ඨිලිකා

ඉ. ගෙඩියක සිවිය. (පි. 254)

කුටි

√ භු. කුටිලත්වහෙයි, කුටති, කුටිලවයෙයි.
√ භු. ඡෙදනයෙහි, කුටති, සිඳියි, කපයි.
√ මු. දැවීමෙහි, දාහයෙහි, කුටෙති, කුටයති, දවයි.
√ භු. වියලීමෙහි, කුණ්ටති, වියලයි.
ඉ. කුටිය, ගෙය. (පි. 254)

කුටිකා

ඉ. ගෙය “කච්චි තෙ කුටිකා නත්ථි” (පි. 255)

කුටිම්බික

පු. පවුල්කාරයා, පවුලක් ඇති. (පි. 255)

කුටුම්බ

පු. න. පවුල, භාර්‍ය්‍යාව, නෑයා, පරම්පරාව. (පි. 255)

කුඨාරී

ඉ. කෙටේරිය, කුඩා පොරව “පුරිසස්සභිජාතස්ස කුඨාරි ජායතෙ මුඛෙ” (පි. 255)

කුඨි

√ භු. අලසබැව්හි, නැසීමෙහි, කුණ්ඨති, වකුටුවෙයි, අලසවෙයි, නසයි.
√ භු. වියලීමෙහි, කුණ්ඨති, වියලෙයි. (පි. 255)