සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 391
කුක්කුට
පු. කුකුළා, කුක්කුට පක්ෂියා. (පි. 254)
කුක්කුට සම්පාතික
පු. (වහලෙන් වහලට) කුකුළන්ගේ පැනයාම ඇති. (පි. 254)
කුක්කුර
පු. බල්ලා. (පි. 254)
කුක්කුරවතික
ති. බල්ලෙකු මෙන් පවත්නා. (පි. 254)
කුක්කුල
පු. උණු අලු, එනම් නිරය. (පි. 254)
කුක්කුල වස්ස
න. උණු අළු වැස්ස. (පි. 254)
කුක්කුස
න. රතු පැහැති වී කුඩු. (පි. 254)
කුක්කුහ
පු. කබරුස්සා, පක්ෂි විශේෂයක්. (පි. 254)
කුකුත්ථක
පු. සීනි, බිලිබිලි පක්ෂියා, වලි කුකුළා. (පි. 253)
කුච
√ භු. බැබලීම් ආදියෙහි, කොචති, බබලයි.
√ භු. හැකිලීමෙහි, කොචති, සංකොචති, ඇකිලෙයි. (පි. 254)
කුච්ඡ
√ චු. අවික්ෂෙපනයෙහි හෝ දැමීමෙහි, කුච්ඡති, තුච්ඡයති, අවික්ෂෙපනය කෙරෙයි, දමයි. (පි. 254)
කුච්ඡා
ඉ. නින්දාව, ගැරහීම. (පි. 254)
කුච්ඡි
පු. බඩ, උදරය. (පි. 254)
කුච්ඡිට්ඨ
පු. කොට්ඨසය නම් වාතය. (පි. 254)
කුච්ඡිට්ඨසත්ත
පු. මව්කුස වසන සත්වයා. (පි. 254)
කුච්ඡිත
ති. ලාමක, නින්දිත. (පි. 254)
කුජ
පු. අඟහරුවා, වෘක්ෂය.
√ භු. අවියත් හඬෙහි, කුඤ්ජති, මන්ද ශබ්ද කෙරෙයි. (පි. 254)
කුජ්ජි
√ භු. අධොමුඛ කරණයෙහි, කුජ්ජති, නිකුජ්ජති, යටිමුව කෙරෙයි අධොමුඛ කරයි. (පි. 254)
කුජ්ඣති
ක්‍රි. √ (දි. කුධ, කොපෙ, කිපීමෙහි +ති) කිපෙයි. (පි. 254)
කුජ්ඣන
න. කිපීම, ක්‍රෝධය. (පි. 254)
කුජ්ඣිත
ති. කිපෙන ලද, කෝධ කළ, කිපුනු. (පි. 254)
කුජි
√ භු. අව්‍යක්ත ශබ්දයෙහි, කුජි √ බලනු (පි. 254)
කුජු
√ භු. සොරකමෙහි, කොජති, සොරාගනී. (පි. 254)
කුඤ්ච
√ භු. කුටිලබැව්හි, ගමනෙහි, අනාදරයෙහි, කුඤ්චති, වක්වයෙයි. (පි. 254)