තොරණ
toraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දොරටුව; බිහිදොර; වාසල.
2. නා.ප්ර. මාර්ගයක් හරහා නොහොත් විවෘත ස්ථානයක මල්, ඵල ආදිය යොදා හෝ ජාතක කථා චිත්රයට නංවා විදුලි ආලෝක ආදිය ඇසුරින් අලංකාර ව ඉදි කරනු ලබන නිර්මාණය; ගෙඩිගෙය.
3. නා.ප්ර. වෙසක් පොසොන් ආදි පොහෝදිනවලදී බුද්ධ චරිතය හෝ ජාතක කතා මුල් කොට විචිත්රවත් චිත්රකර්මාන්ත හා විදුලි බුබුලින් අලංකෘත සැරසිල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දොරටුව; බිහිදොර/ ආගමික කතා පුවත් නිරූපණය කරන ආකෘතිමය සැරසිල්ලක්/ දොරටු සැරසිල්ල (පා. සං. තොරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. තොරණ; දොරටුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තොරණ, බහිද්වාරය, (පි. 310)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- toraṇa nt arched entrance; gateway; portal; (comm) bulwark