දහර
dahara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වයසින් අඩු; බාල වියෙහි වූ; ළාබාල; ළපටි; ළමා.
2. වි. තරුණ; නව යොවුන්.
3. වි. අලුත්; නව.
1. නා.ප්ර. බාලයා; නව.
2. නා.ප්ර. තරුණයා.
3. නා.ප්ර. වේගයෙන් ඇද හැලෙන හෝ ගලායන දිය පාර; විහිද යන කාන්තිය; ධාරාව.
4. නා.ප්ර. වැස්ස.
5. නා.ප්ර. අශ්වයකුගේ ගමන් වේගය.
6. නා.ප්ර. පිඹුරා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බාල වූ; පු. උපසම්පදාවෙන් පස් වසකට වඩා අඩු භික්ෂුව; තරුණයා; බාලයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තරුණයා, යෞවනයා. (පි. 317)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dahara 1 adj young; youthful; junior
- dahara 2 adj small; short
- dahara 3 masc young boy; young man; youth
- dahara 4 masc very young monk; five year old monk