අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 187
පරමාධාරය
නා. උතුම් ප්රතිෂ්ඨාව; විශිෂ්ට උපකාරය (සං. පරම+ආධාර)
පරමාධිපත්යය
නා. ස්වෛරීභාවය
පරමායුෂ
නා.ප්ර. ජීවිතයකට නියමිත උපරිම ජීවන කාලය (සං. පරමායුස්)
පරමාර්ථය
නා. උතුම් අදහස/ යථා තත්ත්වය/ ඉතා උසස් සත්යය (සං. පරමාර්ථ)
පරමේශ්වරයා
නා. අසහාය ප්රධානයා/ ඊශ්වර/ මහාබ්රහ්මයා/ විෂ්ණු/ බුදුරජාණන් වහන්සේ/ ඉන්ද්රයා (සං. පරමෙශ්වර)
පරරූප සන්ධිය
නා. සන්ධි කළ යුතු වචන දෙකකින් පසු පදයේ මුල ඇති අකුරේ රූපය මුල පදයේ අග ඇති රූපයට ආදේශ කොට ගළපන සන්ධිය (සං. පරරූප+සන්ධි)
පරල වෙනවා
ක්රි. මන්ත්ර බලයෙන් සිහි නැති වෙනවා; ආරූඪ වෙනවා
පරලු
නා.ප්ර. තිරිඟු පිටියෙන් වෙන් කර ගන්නා කුඩ්ඩ (පුර්. farelo)
පරලෝකප්රාප්ත
වි. පරලොවට ගිය; මියගිය (සං. පරලොක+ප්රාප්ත)
පරවම්භනය
නා. අනුන් හෙළා දැකීම (පා. පරවම්භන)
පරවශ
වි. ගැති; වහල් (සං. පරවශ)
පරවේණි
වි. පරපුරෙන් අයත් වන; පරම්පරාවෙන් හිමි; රාජකාරි සඳහා අයිති වන (සං. ප්රවෙණි)
පර්ණ
නා.ප්ර. කොළය; පත්රය (සං. පර්ණ)
පර්ණශාලාව
නා. කොළ අතු සෙවිලි කළ ගෙය; පන්සල (සං. පර්ණශාලා)
පර්ණාංග
නා.ප්ර. මීවන ගණයට අයත් පැළෑටි
පර්දාව
නා. මුස්ලිම් ස්ත්රීන්ගේ හිස් වැස්ම (හි. parda ඉං. purdah)
පර්යංකය
නා. හිඳගන්නා ආසනය/ අරමිණිය ගොතා හිඳීම (සං. පර්යඞ්ක)
පර්යන්තය
නා. කෙළවර; සීමාව (සං. පර්යන්ත)
පර්යාණය
නා. සෑදලය (සං. පර්යාණ)
පර්යාප්තිය
නා. තෙවළා බුදු දහම; ත්රිපිටක ධර්මය (සං. පර්යාප්ති)
පර්යාය
නා.ප්ර. ආකාරය; පිළිවෙල/ සමාන අර්ථ ඇති ශබ්දය (සං. පර්යාය)
පර්යාලෝකය
නා. ඇසට පෙනෙන ආකාරය එලෙසින් ම දක්වන චිත්රය (සං. පර්යාලොක්ය)
පර්යාලෝචනය
නා. පරීක්ෂා කිරීම; විමසීම (සං. පර්යාලොචන)
පර්යාවලෝකනය
නා. හාත්පසින් පරීක්ෂා කිරීම