අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 186
පඳුර
නා. එකට වැඩුණු ශාක රාශිය/ සමූහය; රාශිය
පපු කැනැත්ත
නා. හෘදය හා පෙණහැල්ල ඇතුළු කොටස
පබඳ
වි. එකට බැඳුණු/ විශාරද වූ/ මහත් වූ/ ප්‍රකට වූ නා.ප්‍ර. ප්‍රබන්ධය; රචනාව (පා. පබන්ධ සං. ප්‍රබන්ධ)
පබල
වි. ප්‍රබල
පබළු
නා.ප්‍ර. කොරල් විශේෂ්යක්; ප්රචාල/ අංකුරය; දලුව (පා. පවාළ සං. ප්‍රවාල දෙ. பலளம்)
පබිලියම
නා. වියන් ඇඳ (පුර්. pavilhao)
පමණ
නා. යමක දිග පළල ප්‍රමාණය; විශාලත්වය (පා. පමාණ සං. ප්‍රමාණ)
පමුණනවා
ක්‍රි. ළඟා කරනවා
පමුණු
නා.ප්‍ර. භුක්ති විඳීමට පැවරූ ප්රවේණි ඉඩම
පමුණුවනවා
ක්‍රි. දන්වා සිටිනවා (පා. පාපුණාති)
පඹගාල
නා. පඹ වැලින් ගැවසීගත් ස්ථානය/ පැටලිලි සහිත දෙය; අවුල
පයිරුපාසනය
නා. ආශ්‍රය; සේවනය (පා. පයිරුපාසනා)
පයෝධර
නා.ප්‍ර. පියවුර; ස්තනය/ වැහි වලාකුළ (පා. සං. පයොධර)
පරචිත්ත විජානනය
නා. තම සිතින් අනුන්ගේ සිත් දැනීම (පා. පරචිත්තවිජානන)
පරණ
වි. කල් ඉක්ම ගිය; පුරාණ (පා. සං. පුරාණ)
පරඬලා
නා. දිරා ගිය කොළ
පරතරය
නා. සීමා දෙකක් අතර ඇති දුර; ස්වභාවයෙහි වෙනස
පරදාර සේවනය
නා. පර ස්ත්‍රියක හෝ පර පුරුෂයකු හෝ ඇසුර
පරදේශික
වි. තම රටින් අන්‍ය වූ රටකට සම්බන්ධ; විදේශීය
පරපෝෂිතයා
නා. ජීවියකු තුළ යැපී වැඩෙන ශාකය හෝ සත්ත්වයා/ අනුන්ගේ ආධාරයෙන් යැපෙන්නා; පරපුටු
පරම්පරානුගත
වි. පරපුරින් පරපුරට පිළිවෙලින් පැමිණි
පරමාණුව
නා. මූලද්‍රව්‍යයන් සෑදී තිබෙන ඉතා ම කුඩා අංශුව (සං. පරමාණු)
පරමාදර්ශ
නා.ප්‍ර. විශිෂ්ට ආකෘතිය/ ශ්‍රේෂ්ඨ උපදේශය (සං. පරම+ආදර්ශ)
පරමාධ්‍යාශය
නා.ප්‍ර. ප්‍රධාන අදහස; මූලික පරමාර්ථය (සං. පරම+ආධ්‍යාශය)