අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 185

පදානුගත

වි. වචනාර්ථය දෙන

පදානුපදික

වි. පියවර අනුව යන/ පදානුගත

පදාර්ථය

නා. වචනාර්ථය/ධර්මතාව; සාරාර්ථය; මූලධර්මය/ ද්‍රව්‍යය; භෞතික වස්තුව (සං. පදාර්ථ)

පදාසය

නා. පැතලි විශාල ප්‍රමාණය (පුර්. padacco)

පදිකයා

නා. පයින් ගමන් කරන්නා (පා. සං. පදික)

පධන්ඝර

නා.ප්‍ර. භාවනා ගෘහය; පියන්ගල (පා. පධානඝර)

පනත

නා. නියෝගය/ සම්මුතිය/ ධර්මය/ ගිවිසුම/ පිළිවෙල/ නුවණ/ නාමය/ සුදුසු දෙය (පා. පණ්ණත්ති, පඤ්ඤත්ති සං. ප්‍රඥප්ති)

පනත්තා

නා. පරපුරක හතරවන මුත්තා; නත්තාගේ පියා

පනවනවා

ක්‍රි. සම්මත කරනවා; නියම කරනවා; ප්‍රකාශ කරනවා (පා. පඤ්ඤාපෙති, පණ්ණපෙති)

පනස්

නා.ප්‍ර. පනහ; පණස

පනහ

නා. සංඛ්‍යා වාචක නාමයක්; අර්ධ ශතකය (පා. පණ්ණාස)

පන්තිය

නා. සමූහය; රංචුව/ කොටස; ඒකකය; ශ්‍රේණිය (පා. පන්ති සං. පඞ්ක්ති)

පන්තේරුව

නා. වළල්ලක හැඩ ගත් වාද්‍ය භාණ්ඩ විශේෂයක් (පුර්. pandeiro)

පන්ථය

නා. පාර; මාර්ගය (පා. පන්‍ථ)

පන්දලම

නා. ආධාරකයක් වශයෙන් තනන මැස්ස (දෙ. பந்தல்)

පන්න

1. නා.ප්‍ර. මෙවලම්; ආම්පන්න/ සමූහය; රාශිය (දෙ. பண்ணை) 2. තණකොළ (සං. පර්ණ) 3. ඇඳුම් පැලැඳුම් ආදි මෝස්තර

පන්නම්

නා.ප්‍ර. පන්වලින් කරන කර්මාන්තය

පන්නරය

නා. ආයුධයක මුවහත තැබීම/ දක්ෂකම; චතුරබව

පන්සල

නා. විහාරභූමිය; ආරාමය (පා. පණ්ණසාලා සං. පර්ණශාලා)

පන්සාළිස්

වි. සතළිස් පහක් වූ (පා. පඤ්චචත්තාළීස)

පන්සියපනස් ජාතක පොත

නා. සිංහල ජාතක පොත; බෝසත් ආත්ම භාවයන් පිළිබඳ රචිත චරිත කථා ඇතුළත් සම්භාව්‍ය ග්‍රන්ථය

පන්සිළු

නා.ප්‍ර. පඤ්චසිඛයා

පන්හිද

නා. පුස්කොළවල ලියන තියුණු තුඩක් සහිත උපකරණය (පා. පණ්ණසූචි)

පනා

නා.ප්‍ර. කොස් නම් වෘක්ෂ විශේෂය (පා. පනස)