අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 188
පර්යේෂණ
නා. සෙවීම; තොරතුරු ඉතා හොඳින් විමසීම/ අත්හදා බැලීම; පරීක්ෂණය (සං. පර්යෙෂණ)
පර්වතය
නා. ස්වාභාවික ව ඉහළට නැඟණු බිම; කන්ද; විශාල ගල් කුළ (සං. පර්වත)
පර්ශුව
නා. ඉළ ඇටය/ පොරොව (සං. පර්ශු)
පර්ෂදය
නා. සමූහය; පිරිවර (සං. පර්ෂද්)
පරාක්‍රමබාහු
නා.ප්‍ර. එනම් රජතුමා (පා. පරක්කමබාහු)
පරාකෘත
වි. ඉවත දැමූ; ප්‍රතික්ෂේප කළ (සං. පරාකෘත)
පරාගණය
නා. පරාගධානියකින් කලංකය කරා පරාග පැමිණීම
පරාගධානිය
නා. මල් රේණුවක පරාග සාදන සරු කොටස; පරාග කෝෂය
පරාද වෙනවා
ක්‍රි. පරාජයට පත් වෙනවා
පරාධීන
වි. අනුන්ට යටත් වූ; අන්‍යයන්ට වසඟ වූ (පා. සං. පරාධීන)
පරාභවය
නා. පරිහානිය; පිරිහීම (පා. සං. පරාභව)
පරාමර්ශනය
නා. ස්පර්ශ කිරීම/ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩි ව අල්වාගැනීම (සං. පරාමර්‍ශන)
පරායණ
වි. පිහිට කොට ඇති; ඇලුණු (පා. සං. පරායණ)
පරායත්ත
වි. අනුන්ට අයත්; පරාධීන; ස්වතන්ත්‍ර නොවන (පා. සං. පරායත්ත)
පරාර්ථකාමී
වි. අනුන්ගේ යහපතට කැමති
පරාර්ථය
නා. අනුන්ට වැඩ සැලසීම; අනුන්ගේ යහපතට ක්‍රියා කිරීම (සං. පරාර්ථ)
පරාල
නා.ප්‍ර. ගෙයක මුදුන් වහලේ සිට පියසි අග තෙක් යොදන ලීය
පරාවර්තනය
නා. ආපසු හෝ අනිත් පැත්තකට හෝ හැරවීම (සං. පරාවර්තන)
පරාසය
නා. පැතිරුණු ප්‍රදේශය (සං. පරාස)
පරිකථාව
නා. තේරුම පැහැදිලි කරමින් කරන විස්තරය (පා. පරිකථා)
පරිකර්ෂණ
නා.ප්‍ර. හාත්පසින් ඇදීම (සං. පරිකර්ෂණ)
පරිකල්පනය
නා. සිතීම; සිතිවිල්ල (සං. පරිකල්පන)
පරික්ලිෂ්ට
වි. බෙහෙවින් හිරිහැරයට පත් (සං. පරික්ලිෂ්ට)
පරික්ලේශ
නා.ප්‍ර. දුක් පීඩා; කරදර; හිරිහැර (සං. පරික්ලෙශ)