බුද්ධදත්ත පාලි අකාරාදිය – 136

උච්ඡාදෙත්වා

පූ.ක්‍රි. ඇඟ උළා.

උච්ඡාදෙති

(උ+ඡද+ණෙ) ඇඟ උළයි.

උච්ඡිජ්ජති

(උ+ඡිද+ය) විනාශ වේ; සිඳ දමනු ලැබේ.

උච්ඡිට්ඨ

3. ඉඳුල් කළ.

උච්ඡින්දති

(උ+ඡිද+ය) විනාශ කරයි; සිඳ දමයි.

උච්ඡින්දිත්වා

පූ.ක්‍රි. සිඳ දමා.

උච්ඡින්දිය

පූ.ක්‍රි. සිඳ දමා.

උච්ඡින්න

3. ඉදිරූ; සිඳ දැමූ.

උච්ඡු

පු. උක් ගස.

උච්ඡුරස

පු. උක් පැණි.

උච්ඡෙද

පු. නැවත නො ඉපදීම; සිඳීම.

උච්ඡෙදදිට්ඨි

ඉ. සත්වයා මේ භවයෙන් අවසන් වේ යැයි ඇදහීම.

උච්ඡෙදන

න. විනාශ කිරීම; සිඳදැමීම.

උච්ඡෙදවාද

පු. සත්වයා මේ භවයෙන් අවසන් වේ යැයි ඇදහීම.

උච්ඡෙදවාදී

3. සත්වයා මින් මත්තෙහි නො උපදින්නේ යයි කියන්නා.

උජ්ජංගල

න. කාන්තාරය; නිසරු බිම.

උජ්ජග්ඝිකා

ඉ. මහ සිනාව.

උජ්ජල

3. දැල්වෙන; බබළන.

උජ්ජලති

(උජ්+ජල+අ) දැල් වේ; බැබළේ.

උජ්ජලන

න. බැබළීම.

උජ්ජවති

(උ+ජු+අ) ජල පහ‍රේ උඩු අතට ගමන් කරයි.

උජ්ජවනිකා

ඉ. උඩුගං බලා යන (නැව).

උජ්ජවනී

ඉ. උඩුගං බලා යන (නැව).

උජ්ජොත

පු. එළිය; බැබළීම.