බුද්ධදත්ත පාලි අකාරාදිය – 150
උපත්ථර
පු. පලස් ආදී අතුරන දේ.
උපතාප
පු. තැවීම; සිත් තැවුල.
උපතාපක
3. තැවීම කරන.
උපතාපන
න. කරදර කිරීම; තැවීම.
උපතාපිත
3. තැවූ; රත් කළ.
උපතාපෙති
(උප+තප+ණෙ) තවයි; හිරිහැර කරයි.
උපතිට්ඨති
(උප+ඨා+අ) එළඹ සිටී; සමීපයෙහි සිටී.
උපදස්සෙති
(උප+දිස+ණෙ) ප්රකට කරයි; පෙන්වයි.
උපදහති
(උප+දහ+අ) උපදවයි; ගෙන දේ.
උපද්දව
පු. උවදුර; විපත.
උපද්දවති
(උප+දව+ණෙ) උවදුරු කරයි; හිරිහැර කරයි.
උපද්දූත
3. උවදුරු ලැබූ; විපතට පත්.
උපදිට්ඨ
3. දැක්වූ; නියමිත.
උපදිසති
(උප+දිස+අ) අවවාද කරයි; උගන්වයි; පෙන්වයි.
උපදිසන
න. අවවාදය; පෙන්වීම.
උපදිස්සති
(උප+දිස+ය) ප්රකට වේ; පෙනේ.
උපදිසිත්වා
පූ.ක්රි. උපදෙස් දී; පෙන්වා.
උපදෙස
පු. අවවාදය; පෙන්වීම.
උපධාන
න. ආධාරකය; කොට්ටය.
උපධාරණ
න. භාජන අඩිය; භාජනය; සලකා බැලීම.
උපධාරිත
3. සලකා බැලූ.
උපධාරියමාන
3. විමසනු ලබන.
උපධාරෙත්වා
පූ.ක්රි. විමසා බලා.
උපධාරෙති
(උප+ධර+ණෙ) සලකා බලයි; සොයා බලයි.