බුද්ධදත්ත පාලි අකාරාදිය – 151
උපධාවති
(උප+ධාවු+අ) එහා මෙහා දුවයි; වටේ දුවයි.
උපධාවන
න. එහා මෙහා දිවීම.
උපධි
පු. අඹුදරු ධන ධාන්යාදිය; නැවත ඉපදීමට හේතුව.
උපනත
3. අවනත වූ; නැමුණු.
උපනද්ධ
3. වෙළන ලද; වෛර බැඳි.
උපනන්ධ
3. වෙළන ලද; වෛර බැඳි.
උපනන්ධති
(උප+නන්ධ+අ) ඔතයි; වෛර බඳියි.
උපනමති
(උප+නමු+අ) අවනත වේ; නැවේ.
උපනමන
න. අවනත වීම; නමීම.
උපනයන
න. පූන නූල දැමීම (බ්රාහ්මණයන්ගේ); සමීපයට ගෙන ඒම.
උපනය්හති
(උප+නහ+ය) ඔතයි; වෛර බඳියි.
උපනය්හනා
ඉ. එතීම; වෛර බැඳීම.
උපනය්හිත්වා
පූ.ක්රි. වෛර බැඳ.
උපනාමිත
3. එළ වූ; ළඟට පමිණ වූ.
උපනාමෙත්වා
පූ.ක්රි. එළවා; ගෙනැවිත් දී.
උපනාමෙති
(උප+නමු+ණෙ) එළවයි; ගෙනැවිත් දෙයි.
උපනායික
3. සමීපයට පමුණුවන.
උපනාහ
පු. වෙළීම; වෛරය.
උපනාහී
3. වෛර ඇත්තා.
උපනික්ඛිත්ත
3. තැන්පත් කළ; ළඟ තැබූ.
උපනික්ඛිපති
(උප+නි+ඛිප+අ) තැන්පත් කරයි; ළඟ තබයි.
උපනික්ඛිපන
න. තැන්පත් කිරීම; ළඟ තැබීම.
උපනික්ඛෙප
පු. සමීපයෙහි තැබීම.
උපනිජ්ඣාන
න. ධ්යාන වැඩීම; නැවත නැවත සිහි කිරීම.