බුද්ධදත්ත පාලි අකාරාදිය – 193
කථන
න. කථාව; කීම.
කථා
ඉ. කථාව; කීම.
කථාන
න. අසඞ්ඛ්යයට ළං වූ ගණනක්.
කථාපාභත
න. අළුත් ආරංචිය; කථා නැමැති පඬුර.
කථාපෙත්වා
පූ.ක්රි. කියවන්නට සලස්වා.
කථාපෙති
(කථ+ණාපෙ) කියවයි; පණිවිඩ යවයි.
කථාමග්ග
පු. කථා පිළිවෙළ.
කථාවත්ථු
න. අභිධම්මයේ පස්වන පොත; ප්රවෘත්ති කථාව.
කථාසල්ලාප
පු. සතුටු කථාව.
කථිත
3. කියන ලද; කී.
කථෙත්වා
පූ.ක්රි. කියා.
කථෙති
(කථ+ණෙ) කියයි.
කථෙතුං
නි. කියන්ට.
කථෙන්ත
3. කියන; කියමින්.
කදන්ත
න. අපිරිසිදු බත.
කදම්බ
පු. කොළොම් ගස; බක්මී ගස; බකිනි ගස.
කදම්බපුප්ඵ
න. රතට හුරු රන්පැහැති මල් වර්ගයක්.
කදරිය
න. තද මසුරු බව.
පු. තද මසුරා.
කදරියතා
ඉ. තද මසුරු බව.
කදලි
ඉ. කෙසෙල් ගස; කොඩිය.
කදලිඵල
න. කෙසෙල් ගෙඩිය.
කදලිමිග
පු. මුව වර්ගයක්.
කද්දම
පු. මඩ.
කද්දමොදක
න. මඩ මිශ්ර දිය; මඩ වතුර.