බුද්ධදත්ත පාලි අකාරාදිය – 194

කදා

නි. කවදා; කවර කලෙක.

කදාචනං

නි. කිසි කලක.

කදාවි

නි. කිසි කලෙක.

කනක

න. රන්.

කනකච්ඡවි

3. රන්වන් සිවි ඇති.

කනකත්තච

3. රන්වන් සිවි ඇති.

කනකප්පභා

ඉ. රන් එළිය; රන් පැහැය.

කනකවිමාන

න. රන් විමන.

කනත්තන

න. කැපීම; නූල් කැටීම; හාරා කැපීම.

කන්ත

3. ප්‍රිය වූ; ස්වාමි පුරුෂයා; සිත් අලවන.

කන්තති

(කත්ත+අ) කටියි; නූල් අඹරයි; හාරා කපයි.

කන්තා

ඉ. භාර්‍යාව; ස්ත්‍රිය.

කන්තාර

පු. කාන්තාරය.

කන්තිත

3. ඇඹරූ; කටින ලද; කපන ලද.

කන්ද

පු. අලය.

කන්දති

(කන්ද+අ) විලාප කියයි; හඬයි.

කන්දන

න. විලාප කීම; හැඬීම.

කන්දන්ත

3. හඬමින්.

කන්දමාන

3. හඬමින්.

කන්දර

පු. පර්වත පාර්ශවයෙහි ගුහාවක් මෙන් පිහිටි කඳුර.

කන්දරා

ඉ. පර්වත පාර්ශවයෙහි ගුහාවක් මෙන් පිහිටි කඳුර.

කන්දිත

න. වැලපීම; හැඬීම.

කන්දුක

පු. පන්දුව; බෝලය.

කනිට්ඨ

3. බාල වූ; පු. බාල සොහොයුරා; බාලයා.