බුද්ධදත්ත පාලි අකාරාදිය – 202

කල

පු. මියුරු සිහින් හඬ.

කලංක

පු. කැලල; ‍දෝෂය.

කලකල

පු. මිශ්‍ර වූ හඬ.

කලත්ත

න. භාර්‍යාව.

කලන්දක

පු. ලේනා.

කලන්දකනිවාප

පු. ලේනුන්ට දෙන ආහාරය.

කලල

පු. න. පිළිසිඳගැනීමේදී පළමුවෙන් ඇතිවන රූප කලාපය; මඩ.

කලලරූප

න. ප්‍රතිසන්ධි රූපය.

කලස

න. කුඩා කළය.

කලහ

පු. කෝලාහලය; ඩබරය.

කලහ. පු

ඇත් පැටවා.

කලහකාරක

3. ‍කෝලාහල කරන්නා.

කල්ල

3. දක්ෂ; සමර්ථ; සුදුසු; සුවපත්.