බුද්ධදත්ත පාලි අකාරාදිය – 233

ඛියමාන

3. ක්ෂය වෙන.

ඛිල

න. බාධාව; සිතේ කිලුට.

ඛීණ

3. ක්ෂය වූ; ගෙවී ගිය; විනාශ කළ.

ඛීණත්ත

න. ක්ෂය වූ බව.

ඛීණබීජ

3. ‍ ක්ෂයවූ උප්පත්ති හේතු ඇති.

ඛීණමච්ඡ

3. අවසන් වූ මසුන් ඇති.

ඛීණාසව

3. ආශ්‍රවයන් ක්ෂ්‍ය කළ; පු. රහත් නම.

ඛීප

න. ‍කෙමන; මසුන් අල්ලන කරක් ගෙඩිය.

ඛීයති

(ඛී+ය) ක්ෂය වේ; ‍ගෙවේ; ‍දොස් නගයි; විනාශ වේ.

ඛීයන

න. ‍ගෙවී යාම; ‍දොස් නැගීම.

ඛීයමාන

3. ‍ගෙවන; ‍දොස් නගන.

ඛීර

න. කිරි.

ඛීරන්නව

පු. කිරි මුහුද.

ඛීරපක

3. කිරි බොන.

ඛීරපායි

3. කිරිබොන්නා.

ඛීරිකා

ඉ. කිරි පළු ගස.

ඛීරොදන

න. කිරිබත.

ඛීල

පු. උල; කණුව; ‍කොක්ක.

ඛුජ්ජ

3. කුදු; පු. කුදා.

ඛුජ්ජා

ඉ. කුදු ස්ත්‍රිය.

ඛුද්ද

3. කුඩා; සුළු.
න. කණෙයි මැස්සන්ගේ පැණි.

ඛුද්දක

3. කුඩා; මහත් නොවූ.

ඛුද්දකනිකාය

පු. සූත්‍ර පිටකයෙහි කුඩා පොත් වලින් යුතු සඟිය.

ඛුද්දා

ඉ. කණ මී මැස්සා.