බුද්ධදත්ත පාලි අකාරාදිය – 255

ඝාස

පු. කෑම; තෘණ වර්ගයක්; සත්වාහාර.

ඝාසච්ඡාදන

න. කෑම අඳීම.

ඝාසහාරක

පු. ඝාස නම් තණකොළ ගෙනයන්නා; සත්ව කෑම ගෙනයන්නා.

ඝුට්ට

3. ඝෝෂිත වූ; දැනුම් දුන්.

ඝුට්ඨ

3. ඝෝෂිත වූ; දැනුම් දුන්.

ඝොටක

පු. කුළු අශ්වයා.

ඝොර

3. දරුණු වූ; භයානක.

ඝොස

පු. කෑ ගැසීම; නාදය; ශබ්දය.

ඝොසක

පු. ප්‍රකාශකයා; ශබ්දනගා දැනුම් දෙන්නා.

ඝොසනා

ඉ. උත්ගොසන; කෑ ගැසීම.

ඝොසාපෙති

(ඝුස+ණාපෙ) ‍ඝෝසා කරවයි; දැනුම් දෙවයි.

ඝොසිත

3. දැනුම් දුන්; නාද කළ.

ඝොසෙත්වා

පූ.ක්‍රි. ප්‍රකාශ කොට; ශබ්ද නගා.

ඝොසෙති

(‍ඝුස+ණෙ) දැනුම් දෙයි; ප්‍රකාශ කරයි; ශබ්ද නගයි.

ඝොසෙතුං

නි. නාද කරන්ට.

ඝොසෙන්ත

3. ශබ්ද කරන; ශබ්ද නගමින්.

ච

නි. තවද; ද.

චක්ක

න. අඥා බලය; චක්‍රය; පරිධිය; රවුම; රෝදය.

චක්කඞ්කිත

3. චක්‍ර ලක්ෂණය ඇති.

චක්කපාණි

3. විෂ්ණු.

චක්කයුග

න. රෝද දෙක.

චක්කරතන

න. සක්රුවන; සක්විති රජුට ලැබෙන රුවන් සක.

චක්කවත්තී

පු. අණසක පවත්නා; සක්විත් රජ.

චක්කවාක

පු. සක්වා ලිහිණියා.