බුද්ධදත්ත පාලි අකාරාදිය – 256
චක්කවාළ
පු. න. එක් සූර්යයෙකුගෙන් එළිය ලබන ප්රදේශය; චක්රාවාටය; සක්වළ.
චක්කවාළගබ්භ
පු. සක්වළ ඇතුළ.
චක්කවාළපබ්බත
පු. සක්වළ ගල; සක්වළ සීමාව.
චක්කසමාරූළ්හ
3. රෝද ඇති වාහන වලට නැගුණු.
චක්ඛු
න. ඇස.
චක්ඛුක
3. ඇස් ඇති.
චක්ඛුද
3. ඇස් දෙන; ඇස් ලබාදෙන.
චක්ඛුද්ධ
3. ඇස් දෙන; ඇස් ලබාදෙන.
චක්ඛුධාතු
ඉ. දැකීමේ ශක්තිය.
චක්ඛුපථ
පු. ඇසට පෙනෙන ප්රමාණය; ඇසට හමුවන තැන.
චක්ඛුභූත
3. ඇසක් මෙන් වූ; මනා අවබෝධය ඇති.
චක්ඛුමන්තු
3. ඇස් ඇති.
චක්ඛුලොල
3. නොයෙක් දේ දැකීමේ ලොල් වූ.
චක්ඛුවිඤ්ඤාණ
න. රූපය දැනගන්නා සිත.
චක්ඛුවිඤ්ඤෙය්ය
3. ඇසින් දැක්ක යුතු.
චක්ඛුස්ස
3. ඇසට හිතවත් වූ.
චකිත
3. කළබළ වූ; තැති ගත්.
චකොර
පු. ඇටි කුකුළා.
චඞ්කම
පු. සක්මන; සක්මන් මළුව.
චඞ්කමති
(කමු+අ) එහා මෙහා යයි; සක්මන් කෙරේ.
චඞ්කමන
න. සක්මන් කිරීම; සක්මන් මළුව.
චඞ්කමන්ත
3. සක්මන් කරන; සක්මන් කරමින්.
චඞ්කමිතබ්බ
3. සක්මන් කළ යුතු.
චඞ්කමිත්වා
පූ.ක්රි. සක්මන් කොට.