බුද්ධදත්ත පාලි අකාරාදිය – 27

අනන්තරං

ක්‍රි.වි. ඊට අනතුරුව; එය ළඟට.

අනනුච්ඡවික

3. නුසුදුසු.

අනප්පක

3. බොහෝවූ.

අනපායී

3. අත් නො හැර යන්නා.

අනපෙක්ඛ

3. අපේක්ෂා රහිත; බලාපොරොත්තු නැතිවූ.

අනභාව

3. (අනු+අභාව) සම්පූර්ණ අභාවය.

අනභිරත

3. නො ඇලුණු.

අනභිරති

ඉ. උකටලීබව; නො ඇලීම.

අනමතග්ග

3. නො දත් කෙළවර ඇති.

අනය

පු. විපත.

අනරිය

3. අනාර්ය; පහත්; ලාමක.

අනල

පු. ගින්න.

අනලංකත

3. අලංකාර නො කළ; තෘප්තියට නො පැමිණි.

අනලංකරිත්වා

පූ.ක්‍රි. ප්‍රමාණයයි නො සිතා.
පූ.ක්‍රි. තෘප්තියට නො පැමිණ; නො සෑහී.

අනවට්ඨිත

3. චඤ්චල වූ; ස්ථිරව නො පිහිටි.

අනවරත

3. නිතර වූ.

අනවරතං

ක්‍රි.වි. නිතර.

අනවසෙස

3. ඉතිරිනොවූ; සියලු.

අනවසෙසං

ක්‍රි.වි. ඉතිරිනො කොට.

අනසන

න. ආහාර නො ගැනීම; නො කෑම.

අනස්සාසික

3. සැනසීම නැති.

අනස්සුං

නැසුණාහ.

අන්ත

පු. අග; අවසානය; කෙළවර.
න. බඩවැල.

අන්ත කිරියා

ඉ. අවසන් කිරීම.