බුද්ධදත්ත පාලි අකාරාදිය – 28

අන්තක

පු. මාරයා.

අන්තකර

පු. අවසන් කරන්නා.

අන්තගණ්ඨිකාබාධ

පු. ඇපැන්ඩිසයිටිස් රෝගය; බඩවැල් ගැටයේ රෝගය.

අන්තගත

3. ඇතුළත්; කෙළවරට ගිය.

අන්තගමන

න. කෙළවරට යාම.

අන්තග්ගාහික

3. කෙළවරක් ගන්නා (දෘෂ්ඨිය).

අන්තගුණ

න. කුඩා බඩවැල.

අන්තර

3. වෙනස.
න. අතර.

අන්තරංස

පු. අරහිස් දෙක මැද පිටිපස.

අන්තරකප්ප

පු. අතරෙහි පිහිටි කල්පය.

අන්තරඝර

න. ඇතුල් ගම; ඇතුල් ගෙය.

අන්තරට්ඨක

3. අතරෙහි පිහිටි; නවම් මැදින් දෙමස අතරෙහි වූ අට දවස පිළිබඳ.

අන්තරධාන

න. අතුරුදහන් වීම; නො පෙනී යාම; විනාශ වීම.

අන්තරධායති

(අන්තර+ධෙ+අ) අන්තර්ධාන වේ; නො පෙනී යයි.

අන්තරධායන

න. අතුරුදහන් වීම; නො පෙනී යාම; විනාශ වීම.

අන්තරධායමාන

3. අතුරුදන් වෙන.

අන්තරධායිත්වා

පූ.ක්‍රි. අතුරුදන්වී.

අන්තරන්තරා

නි. අතරතුරෙහි.

අන්තරවාසක

පු. අඳනය; ඇතුළට අඳින වස්ත්‍රය.

අන්තරසාටක

පු. අඳින වස්ත්‍රය.

අන්තරහිත

3. අතරෙහි තැබූ; අතුරුදහන් වූ.

අන්තරා

නි. අතරෙහි; අතරේදී.

අන්තරාපණ

පු. වෙළඳාම් පල.

අන්තරාය

පු. අනතුර.