බුද්ධදත්ත පාලි අකාරාදිය – 293

තජ්ජ

3. එයින් හටගත්.

තජ්ජනා

ඉ. තර්ජනය; මේ මේ දඬුවම් කරන්නෙමියි කීම.

තජ්ජනිය

3. තර්ජනය කළ යුතු.

තජ්ජනී

3. මහපට ඇඟිල්ලට දෙවෙනි ඇඟිල්ල.

තජ්ජිත

3. තර්ජනය ලැබූ; තැතිගත්; භයට පත්.

තජ්ජෙත්වා

පූ.ක්‍රි. තර්ජන කොට.

තජ්ජෙති

(තජ්ජ+ණෙ) තර්ජනය කරයි; තැති ගන්වයි.

තජ්ජෙන්ත

3. තර්ජන කරන.

තට

3. ඉවුර; පු. පර්වතයේ ප්‍රපාතය.

තටතටායති

තට තට යන ශබ්දය පවත්වයි.

තට්ටක

න. තටුව; තැටිය; පැතලි භාජනය.

තට්ටිකා

ඉ. කුඩා පැදුර; පත්කඩ; බන්දේසිය.

තණ්ඩුල

න. සහල්.

තණ්ඩුලෙය්‍ය

පු. සුළු කූර ගස.

තණ්හක්ඛය

පු. තෘෂ්ණාව ක්ෂයකිරීම.

තණ්හා

ඉ. ආශාව; තෘෂ්ණාව; පිපාසාව; ලෝභය.

තණ්හාක්ඛය

පු. තෘෂ්ණාව ක්ෂයකිරීම.

තණ්හාජාල

න. තෘෂ්ණා නැමැති අවුල.

තණ්හාදුතිය

3. තෘෂ්ණාව මිත්‍රයා කොට ඇති.

තණ්හාපච්චය

3. තෘෂ්ණාවෙන් හටගත්.

තණ්හාවිචරිත

න. තෘෂ්ණා සහගත සිතිවිල්ල.

තණ්හාසංඛය

පු. තෘෂ්ණාව නැසීම.

තණ්හාසංයොජන

න. තෘෂ්ණා නැමැති බැම්ම.

තණ්හාසල්ල

න. තෘෂ්ණා නැමැති හුල.