බුද්ධදත්ත පාලි අකාරාදිය – 326

දාහ

පු. උෂ්ණය; දාහය; දැවිල්ල.

දාළම

න. දෙළුම් ගෙඩිය.

දාළිද්දිය

න. දිළිඳු බව.

දික්ඛති

(දිස+අ) පැවිදි වේ; බලයි.

දික්ඛිත

3. පැවිදි වූ.

දිගම්බර

පු. නිගණ්ඨයා; වස්ත්‍ර නැත්තා.

දිග්ඝිකා

ඉ. දිය අගල.

දිගුණ

3. ද්විගුණ වූ; දෙකෙන් වැඩි වූ.

දිජ

පු. පක්ෂියා; බ්‍රාහ්මණයා; සර්පයා.

දිට්ඨ

3. දක්නා ලද; දුටු.

දිට්ඨධම්ම

3. අවබෝධ කළ ධර්ම ඇති; පු. මෙලොව.

දිට්ඨධම්මික

3. මෙලොවට අයත්; මේ භවයට අයත්.

දිට්ඨමඞ්ගලික

3. දුටු දෙයින් ශුභාශුභ ඇතැයි සිතන්නා.

දිට්ඨසංසන්දන

න. දුටු දෙය හා ගළපා බැලීම.

දිට්ඨානුගති

ඉ. දුටු දෙය අනුව යාම.

දිට්ඨි

ඉ. ඇදහීම; දෘෂ්ටි ඇති; පෙනීම; විශ්වාසය.

දිට්ඨික

3. දෘෂ්ටි ඇති.

දිට්ඨිකන්තාර

පු. දෘෂ්ටි නැමැති කාන්තාරය.

දිට්ඨිගත

න. දෘෂ්ටිය; වැරදි අවබෝධය.

දිට්ඨිගහන

න. දෘෂ්ටි නැමැති අවුල්‍ හෝ වනය.

දිට්ඨිජාල

න. දෘෂ්ටි නැමැති දැල හෝ අවුල.

දිට්ඨිතා

ඉ. දෘෂ්ටි ඇති බව.

දිට්ඨිවිපත්ති

ඉ. බලවත් මිත්‍යාදෘෂ්ටිය.

දිට්ඨිවිපල්ලාස

ඉ. පෙරළුණු (මිත්‍යා) දෘෂ්ටිය.