බුද්ධදත්ත පාලි අකාරාදිය – 34

අනුකම්පන්ත

3. අනුකම්පාකරන.

අනුකම්පා

ඉ. කරුණාව.

අනුකම්පිත

3. අනුකම්පා ලැබූ.

අනුකම්පිත්වා

පූ.ක්‍රි. අනුකම්පා කොට.

අනුකම්පිය

පූ.ක්‍රි. අනුකම්පා කොට.

අනුකම්පී

3. අනුකම්පාකරන්නා.

අනුකරොති

(අනු+කර+ඔ) කළදෙය අනුව කරයි.

අනුකරොන්ත

3. අනුව ක්‍රියා කරන.

අනුක්කණ්ඨනා

ඉ. නො කලකිරීම.

අනුක්කම

පු. පිළිවෙළ.

අනුකිණ්ණ

3. විසුරුවන ලද.

අනුකුබ්බති

(අනු+කර+අ) {කර­_ හට කුබ්බ ආදේශ වේ} අනුව කරයි.

අනුකුබ්බන්ත

3. අනුව ක්‍රියා කරන; අනුව ක්‍රියා කරමින්.

අනුකූල

3. අවනත; අවිරුද්ධ; යෝග්‍ය.

අනුකූලභාව

පු. අවිරුද්ධ බව.

අනුකූලවාත

නැව්ගමනට උපකාර වන වාතය.

අනුඛුද්දක

3. ඉතා කුඩා.

අනුග

3. අනුවගිය.

අනුගච්ඡති

අනුව ගියේය.
(අනු+ගමු+අ) අනුව යයි; පසුපස්සේ යයි.

අනුගච්ඡන්ත

3. අනුව යන.

අනුගත

3. අනුව ගිය.

අනුගති

ඉ. අනුව යාම.

අනුගන්තබ්බ

3. අනුව යා යුතු.

අනුගන්ත්වා

පූ.ක්‍රි. අනුව ගොස්.