බුද්ධදත්ත පාලි අකාරාදිය – 368

නිධාය

පූ.ක්‍රි. තබා; තැන්පත් කොට; නිදන් කොට.

නිධි

පු. නිධානය.

නිධිකුම්භි

ඉ. ධනය පිර වූ කළය (නිදන්).

නිධීයති

(නි+දහ+ඊ+ය) නිදන් කරනු ලැබේ.

නිධෙති

(නි+දහ+ණෙ) තැන්පත් කරයි; නිදන් කරයි.

නිධෙතුං

නි. නිදන් කරන්ට.

නින්දති

(නින්ද+අ) අපහාස කෙරේ; නින්දා කෙරේ.

නින්දන

න. නින්දා කිරීම.

නින්දා

ඉ. අපහාසය; නින්දාව.

නින්දිත

3. නින්දා ලැබූ; නින්දිත වූ; ලාමක වූ.

නින්දිත්වා

පූ.ක්‍රි. නින්දා කොට.

නින්දිය

පූ.ක්‍රි. නින්දා කොට.
3. නින්දා කටයුතු.

නින්න

3. ගැඹුරු වූ; නැබුරු වූ; පහත් වූ.
න. පහත් බිම.

නින්නග

න. ජලය.

නින්නගා

ඉ. ගඟ.

නින්නතා

ඉ. නැබුරු බව; පහත් බව.

නින්නාද

පු. ඝෝෂාව; ශබ්දය.

නින්නාදී

3. මහත් නාද කරන; පු. ස්වර අටෙන් එකක්.

නින්නාමෙති

(නි+නමු+ණෙ) නමයි; පිටතට නෙරයි.

නින්නෙතු

පු. ලබා ‍ෙදන්නා.

නිනාද

පු. ඝෝෂාව; ශබ්දය.

නිපක

3. දක්ෂ වූ; බුද්ධිමත්.

නිපච්ච

පූ.ක්‍රි. බිම වැටී; වැටී.

නිපච්චකාර

පු. ගෞරව කිරීම; යටහත් බව.