බුද්ධදත්ත පාලි අකාරාදිය – 375
නිමීලිත්වා
පූ.ක්රි. ඇස් පියා ගසා.
නිමීලෙති
(නි+මිල+ණෙ) ඇස් පියා ගනී.
නිමුග්ග
3. ගිලුණු; දිය යටට ගිය.
නිමුජ්ජති
(නි+මුජ්ජ+අ) කිමිදියි; දියේ ගිලේ.
නිමුජ්ජන
න. කිමිදීම; දියේ ගිලීම.
නිමුජ්ජා
ඉ. කිමිදීම; දියේ ගිලීම.
නිමුජ්ජිත්වා
පූ.ක්රි. කිමිද; දියේ ගිලී.
නිමුජ්ජිතුං
නි. ගිලෙන්ට.
නිමෙස
පු. ඇසිපිය හෙළීම.
නිමොක්ඛ
පු. ආර්ය මාර්ගය.
නිමොචක
පු. නිදහස් කරන්නා.
නිය
3. තමා අයත්; ස්වකීය.
නියක
3. තමා අයත්; ස්වකීය.
නියත
3. ඒකාන්ත වූ; නියම වශයෙන් සිදුවන.
නියම
පු. නියම කළ දෙය; නො වෙනස්ව සිදු විය යතු දෙය.
නියමන
න. නියම කිරීම.
නියමෙත්වා
පූ.ක්රි. නියම කොට.
නියමෙති
(නි+යමු+ණෙ) නියම කරයි; විධාන කරයි; වෙන්කොට දෙයි.