බුද්ධදත්ත පාලි අකාරාදිය – 382

නිස්සිත

3. ආශ්‍රිත වූ.

නිස්සිතක

3. අන්‍යයෙකුගෙන් යැපෙන; ආශ්‍රය කොට වසන.

නිස්සිරීක

3. බැබළීමක් නැති; ශෝභාව නැති.

නිස්සෙණී

ඉ. තරප්ප පේළිය; හිණිමග.

නිස්සෙස

3. ඉතිරි නොවූ.

නිස්සොක

3. ශෝක නැති.

නිසා

ඉ. රාත්‍රිය.

නිසාකර

පු. චන්ද්‍රයා.

නිසාණ

පු. කරගල.

නිසාදී

3. ලගින්නා; හිඳින්නා.

නිසානාථ

පු. චන්ද්‍රයා.

නිසාමක

3. ඇහුම්කන් දෙන්නා.

නිසාමෙත්වා

පූ.ක්‍රි. අසා; ඇහුම්කන් දී.

නිසාමෙති

(නි+සාම+ණෙ) අසයි; ඇහුම්කන් දෙයි.

නිසිත

3. තියුණු කළ; මුවහත් තැබූ.

නිසින්න

3. හිඳගත්; හුන්.

නිසින්නක

3. හුන් අය.

නිසීථ

පු. මධ්‍යම රාත්‍රිය; රාත්‍රිය.

නිසීදති

(නි+සද+අ) වාඩිවෙයි; හිඳියි.

නිසීදන

න. ‍‍වාඩිවීම සඳහා එළන වස්ත්‍රය; හිඳගැන්ම.

නිසීදන්ත

3. හිඳින; හිඳිමින්.

නිසීදාපෙත්වා

පූ.ක්‍රි. වාඩි කරවා; හිඳුවා.

නිසීදාපෙති

වාඩි කරවයි; හිඳුවයි.

නිසීදිතබ්බ

3. හිඳගත යුතු.