බුද්ධදත්ත පාලි අකාරාදිය – 419

පධංසෙති

(ප+ධංස+ණෙ) පැහැර ගනී; විනාශ කරයි; හිරිහැර කරයි.

පධාන

න. කෙලෙසුන් තැවීමේ උත්සාහය; වීර්ය.
3. ප්‍රධාන; ප්‍රමුඛ.

පධානඝර

න. භාවනා කිරීම සඳහා ගොඩනැඟූ ගෙය.

පධානික

3. සමථ භාවනාවන්හි යෙදුණු.

පධානිය

3. සමථ භාවනාවන්හි යෙදුණු.

පධාවති

(ප+ධාවු+අ) එහා මෙහා දුවයි; දුවයි.

පධාවන

න. ‍එහාමෙහා දිවීම.

පධූපිත

3. දැල්වුණු; දුම්දමන; දුමෙන් වැසීගත්.

පධොත

3. මනාසේ සේදූ.

පන

නි. පදපූරණයෙහි නිපාතයකි; වනාහි.

පනස

පු. කොස්ගස.
න. කොස්ගෙඩිය.

පනස්සති

(ප+නස+ය) විනාශ වේ.

පන්ති

ඉ. පේළිය.
ඉ. පංතිය; පෙළ.

පන්ථ

පු. මාර්ගය‍.

පන්ථක

පු. මගියා.

පන්ථඝාත

පු. මං පැහැරීම.

පන්ථදූහන

මං පැහැරීම; න. මං පැහැරීම.

පන්ථික

3. මගියා; මඟ යන්නා.

පන්න

3. කෙළවරෙහි වූ; පහත් වූ; පහතට තැබූ; බහා තැබූ; විවේක ඇති.

පන්නග

පු. සර්පයා.

පන්නභාර

3. බහා තැබූ බර ඇති.

පන්නලොම

3. පහත හෙළාගත් ලොම් ඇති; යටත් වූ.

පන්නසෙනාසන

න. විවේක ස්ථානයෙහි පිහිටි වාසස්ථානය.

පනාළිකා

ඉ. ජලනලය; දිය බස්නා පීල්ල.