බුද්ධදත්ත පාලි අකාරාදිය – 462

පාභත

න. තෑග්ග; පඬුර.

පාමඞ්ග

න. හවඩිය.

පාමුජ්ජ

න. ප්‍රීතිය; සතුට.

පාමෙති

(පා+මි+ණෙ) ප්‍රමාණකරයි.

පාමොක්ඛ

3. නායකයා; ප්‍රධානයා.

පාමොජ්ජ

න. ප්‍රීතිය; සතුට.

පාය

3. අධිකකොට ඇති.

පායක

3. පොවන්නා.

පායමාන

3. පොවන; පොවමින්.

පායාති

(ප+ආ+යා+අ) පිටත් වේ; යයි.

පායාස

පු. කිරිබත්.

පායි

3. බොන්නා.

පායිකා

ඉ. පොවන්නී.

පායෙත්වා

පූ.ක්‍රි. කිරිපොවා; පොවා.

පායෙති

(පා+ණෙ) පොවයි; බොන්ට සලස්වයි.

පායෙතුං

නි. පොවන්ට.

පායෙන

.ක්‍රි .වි බොහෝ සේ.

පායෙන්ත

3. පොවන; පොවමින්.

පායෙන්ති

ඉ. කිරි පොවන්නී.

පාර

න. එගොඩ; පරතෙර.
3. ‍එගොඩෙහි වූ.

පාරගත

3. අවසානයට පැමිණි; පරතෙරට ගිය.

පාරගවෙසී

3. පරතෙර හෝ අවසානය සොයන්නා.

පාරගාමී

3. පරතෙරට යන්නා.

පාරගූ

3. පරතෙරට ගිය; පාරප්‍රාප්ත.