බුද්ධදත්ත පාලි අකාරාදිය – 478

පුරිසමෙධ

පු. මිනිසකු මරා කරන යාගය.

පුරිසලිඞ්ග

න. පුරුෂයාගේ රහසඟ; පුරුෂලිංගය.

පුරිසව්‍යඤජන

න. පුරුෂයාගේ රහසඟ; පුරුෂලිංගය.

පුරිසාජඤ්ඤ

පු. ශ්‍රේෂ්ඨ පුරුෂයා.

පුරිසාදක

3. මිනී මස් කන්නා.

පුරිසාධම

පු. නපුරු මිනිසා; නීච මිනිසා.

පුරිසින්ද්‍රිය

න. පුරුෂභාවය.

පුරිසුත්තම

පු. උතුම් මිනිසා.

පුරිසූසභ

පු. උතුම් මිනිසා.

පුරෙ

නි. ඉදිරියෙහි; පළමුකොට; පෙර.

පුරෙක්ඛාර

පු. ඉදිරියෙහි කිරීම; ගෞරවය.

පුරෙචාරික

3. ඉදිරියෙහි යන.

පුරෙජව

3. ඉදිරියෙන් දුවන.

පුරෙජාත

3. කලින් හටගත්; පෙර උපන්.

පුරෙතරං

.ක්‍රි .වි කළින්; පළමුකොට.

පුරෙභත්ත

න. උදයවරුව; පෙරබත් කාලය.

පුරොහිත

පු. රජුගේ ප්‍රධාන අනුශාසකයා.

පුලව

පු. පණුවා.

පුලවක

පු. පණුවා.

පුලින

න. වැලි.

පුස්සරථ

පු. යුද්ධය පිණිස නොයොදන රාජ රථය.

පූග

පු. එක් කර්මාන්තයක යෙදුණු පිරිස; පුවක්; පුවක් ගස; සමූහය.

පූජනා

ඉ. ගෞරව කිරීම; පිදීම.

පූජනීය

3. පිදිය යුතු; පූජා ලැබිය යුතු.