බුද්ධදත්ත පාලි අකාරාදිය – 50

අපගම

පු. ඉවත්වීම.

අපගමන

න. ඉවත්වීම.

අපගම්ම

පූ.ක්‍රි. ඉවත්වී.

අපගමිත්වා

පූ.ක්‍රි. ඉවත්වී.

අපචය

පු. රැස්කළ දෙය විසුරුවීම; සිඳ බිඳ දැමීම (රැස්කළ දෙය).

අපචයගාමී

3. නිවනට යන්නා.

අපච්ච

න. දරු මුනුබුරු පරම්පරාව; පුත්‍රයා.

අපච්චක්ඛ

3. ඉන්ද්‍රියවිෂයට නො පැමිණි; ප්‍රත්‍යක්ෂ නොවූ.

අපචායක

3. පුදන; පුදන්නා.

අපචායති

(අප+චාය+අ) ‍‍ගෞරවකරයි; පුදයි.

අපචායන

න. ගෞරවකිරීම; පිදීම.

අපචායන්ත

3. පුදන; පුදමින්.

අපචායමාන

3. පුදන; පුදමින්.

අපචායි

3. පුදන්නා.

අපචායිත

3. ගරුකරන ලද; පිදූ.

අපචිණන

න. විනාශ කිරීම.

අපචිණාති

(අප+චි+ණා) විනාශ කරයි; විසුරුවා දමයි.

අපචිණිත්වා

පූ.ක්‍රි. විනාශ‍ කොට.

අපචිත

3. පුදන ලද.

අපචිති

ඉ. ‍ගෞරවය; පිදීම.

අපජිත

3. පැරදුණු.
න. පරාදය.

අපඤ්ඤාත

3. මනාසේ අවබෝධ නො කළ.

අපටු

3. අදක්ෂවූ.

අපණ්ණක

3. නිදොස්; සත්‍ය වූ; ස්ථිර.