බුද්ධදත්ත පාලි අකාරාදිය – 510
භිංසනක
3. භය ජනක වූ.
භිකඛුනූපස්සය
භික්ෂුණීන්ගේ ආශ්රමය.
භික්ඛක
පු. සිඟන්නා.
භික්ඛති
(භික්ඛ+අ) ආහාර ඉල්වයි; පිඬු සිඟයි; සිඟයි.
භික්ඛන
න. සිඟීම.
භික්ඛා
ඉ. ආහාරය; සිඟීම.
භික්ඛාචාර
පු. පිඬු පිණිස හැසිරීම.
භික්ඛාහාර
පු. සිඟීමෙන් ලත් ආහාර.
භික්ඛිත්වා
පූ.ක්රි. සිඟා.
භික්ඛු
පු. පැවිද්දා; භික්ෂුව.
භික්ඛුනී
ඉ. භික්ෂුණිය; මෙහෙණිය.
භික්ඛුභාව
පු. භික්ෂුබව.
භික්ඛුසංඝ
පු. භික්ෂු සමූහය.
භිඞ්ක
පු. ඇත් පැටවා.
භිඞ්කාර
පු. පැන් කෙණ්ඩිය.
භිජ්ජති
(භිද+) බිඳේ.
භිජ්ජන
න. බිඳීම; වෙන්වීම.
භිජ්ජන්ත
3. බිඳෙන; බිඳෙමින්.
භිජ්ජමාන
3. බිඳෙන; බිඳෙමින්.
භිජ්ජිත්වා
පූ.ක්රි. බිඳී.
භිත්ති
ඉ. බිත්තිය.
භිත්තික
3. බිත්ති ඇති.
භිත්තිපාද
පු. කයිරුව; බිත්තිය මුල.
භින්දති
(භිදි+ංඅ) කඩයි; බිඳියි; විනාශ කරයි.