බුද්ධදත්ත පාලි අකාරාදිය – 535

මාඝ්‍ය

න. කොඳ වැල.

මාඝාත

න. සතුන් නොමැරීමට කළ නියමය.

මාණ

න. මැණීම; මිම්ම.

මාණව

පු. තරුණයා.

මාණවක

පු. තරුණයා.

මාණවිකා

ඉ. තරුණිය.

මාණවී

ඉ. තරුණිය.

මාණිකා

ඉ. ද්‍රෝණ සතරක්.

මාතඞ්ග

පු. ඇතා; චණ්ඩාලයා.

මාතලි

පු. ශක්‍රයාගේ රථාචාර්යයා.

මාතාපිතු

මවුපිය දෙදෙන.

මාතාපෙත්තික

3. මවුපියන් සතු; මවුපියන්ගෙන් ලැබුණු.

මාතාපෙත්තිභර

3. මවුපියන් ‍පෝෂණය කරන.

මාතාමහ

ඉ. මවගේ පියා.

මාතාමහී

ඉ. මවගේ මව.

මාතික

3. මව සම්බන්ධ වූ.

මාතිකා

ඉ. ඇල; ජල මාර්ගය; ප්‍රාතිමෝක්ෂය නම් ශික්ෂා සංග්‍රහය; මාතෘකාව; ශීර්ෂපාඨය.

මාතිපක්ඛ

පු. මවගේ නෑදෑ පක්ෂය.

මාතු

ඉ. මව; මෑණියෝ.

මාතුකුච්ඡි

ඉ. මවුකුස; පු. මවුකුස.

මාතුගාම

පු. ස්ත්‍රිය.

මාතුඝාත

පු. මව නැසීම.

මාතුඝාතක

3. මව නසන්නා.

මාතුච්ඡා

ඉ. ම‍වගේ සහෝදරිය.