බුද්ධදත්ත පාලි අකාරාදිය – 563

රජ්ජති

(රජ+ය) ආශා කෙරේ; ඇලේ.

රජ්ජන

න. ඇලීම; සිත ඇලවීම.

රජ්ජසිරි

ඉ. රාජ්‍ය සම්පත.

රජ්ජසීමා

ඉ. රාජ්‍ය සීමාව.

රජ්ජිත්වා

පූ.ක්‍රි. සිත අලවා.

රජ්ජිතුං

නි. ඇලෙන්ට.

රජ්ජු

ඉ. කඹය; රෑණ; ලණුව.

රජ්ජුකාර

පු. කඹ අඹරන්නා.

රජ්ජුගාහක

පු. ඉඩම් මණින්නා.

රජාපෙති

(රජ+ණාපෙ) පාට කරයි; සායම් පොවන්ට සලස්වයි.

රජිතබ්බ

3. සායම් පෙවිය යුතු වූ.

රජිත්වා

පූ.ක්‍රි. පාට කොට; සායම් පොවා.

රජිතුං

නි. සායම් පොවන්ට.

රජොජල්ල

න. බැඳුණු කුණු තට්ටුව.

රජොහරණ

න. කිලුට දුරු කිරීම; ධූලි පිස දැමීම; ධූලි පිසදමන වස්ත්‍රය.

රඤ්ජති

(රඤ්ජ+අ) ඇලේ.

රඤ්ජන

න. සායම් පෙවීම; සිත් ඇලවීම.

රඤ්ජන්ත

3. ඇලෙන; ඇලෙමින්; ප්‍රීතිවෙමින්.

රඤ්ජමාන

3. ඇලෙන; ඇලෙන; ප්‍රීතිවෙමින්.

රඤ්ජයති

(රඤජි+ණය) සායම් පොවයි; සිත් අලවන්නට සලස්වයි.

රඤ්ජයමාන

3. ප්‍රීතිමත් කරවමින්; සායම්පොවමින්; සිත් අලවන්නට සලස්වමින්.

රඤ්ජයිත්වා

පූ.ක්‍රි. ප්‍රීතිමත් කරවා; සායම් පොවා.

රඤ්ජිත

3. පාට කළ; යුක්ත වූ; සායම් පෙවූ.

රඤ්ජිය

පූ.ක්‍රි. ප්‍රීතිමත් කරවා; සායම් පොවා.