බුද්ධදත්ත පාලි අකාරාදිය – 562

රක්ඛිත්වා

පූ.ක්‍රි. රැක.

රක්ඛිතින්ද්‍රිය

3. රැකගත් ඉඳුරන් ඇති.

රක්ඛිතුං

නි. රකින්නට.

රක්ඛිය

රැක්ක හැකි.
3. රැක්ක යුතු.
පූ.ක්‍රි. රැක.

රඞ්ග

පු. නාට්‍යය; නැටුම; නෘත්‍යභූමිය; සායම.

රඞ්ගකාර

3. නටන්නා; නෘත්‍යදක්වන්නා; සායම් පොවන්නා.

රඞ්ගජාත

න. සායම් වර්ගය.

රඞ්ගරත්ත

3. පාට කළ; සායම් පෙවූ.

රඞ්ගාජීව

පු. සිතියම් කරන්නා.

රචනා

ඉ. කාව්‍යබන්ධනය; පිළියෙළ කිරීම; යෙදීම.

රචයති

(රච+ණය) කව් බඳියි; ප්‍රබන්ධ කෙරේ; පිළියෙළ කෙරේ; රචනා කෙරේ.

රච්ඡා

ඉ. වීථිය.

රචිත

3. පිළියෙළ කළ; රචනාකළ; සැරසූ.

රචිත්වා

පූ.ක්‍රි. ප්‍රබන්ධ කොට; රචනා කොට.

රජ

පු. ධූලි; රජස්.
න. ධූලි; රජස්.

රජක

පු. රෙදිසෝදන්නා.
පු. රදවා; රෙදිපොවන්නා.

රජකත්ථරණ

න. රෙදි සෝදන වේලන තැන.

රජක්ඛ

3. රජස්.

රජක්ඛන්ධ

පු. ධූලි කඳ.

රජත

න. රිදී; රිදී කාසි.

රජතපට්ට

න. රිදී තහඩුව.

රජති

(රජ+අ) පාට යොදයි; සායම් පොවයි.

රජනීය

3. ඇලීම ඇතිකරන; සිත් අලවන.

රජ්ජ

න. රජ බව; රාජ්‍යය.