බුද්ධදත්ත පාලි අකාරාදිය – 580
ලසී
ඉ. මොලය.
ලසුණ
න. සුදු ලූණු.
ලහු
3. ඉක්මන් වූ; කොට වූ; සැහැල්ලු වූ.
න. ලඝු අකුර.
ලහුං
.ක්රි .වි ඉක්මණින්; වහා.
ලහුක
3. කොට වූ; බර පතල නොවූ; සැහැල්ලු වූ.
ලහුතා
ඉ. සැහැල්ලු බව.
ලහුපරිවත්ත
3. ඉක්මණින් පෙරළෙන.
ලහුසො
නි. ඉක්මනින්; කොට වශයෙන්.
ලාඛා
ඉ. ලාකඩ.
ලාඛාරස
පු. දියකළ ලාකඩ.
ලාඞ්ගලී
ඉ. නියඟලා.
ලාජ
පු. පොරි; විලඳ.
ලාජපඤචමක
3. විලඳ පස් වෙනි කොට ඇති.
ලාප
පු. කථාව; කැටකුරුල්ලා; වටු වර්ගයක්.
ලාපන
න. කථා කිරීම.
ලාපී
3. කථා කරන්නා.
ලාපු
ඉ. ලබු ගෙඩිය.
ලාබු
ඉ. ලබු ගෙඩිය.
ලාබුකටාහ
පු. ලබු කබල.
ලාභ
පු. ලාභය; ලැබීම; ලැබෙන දෙය.
ලාභකම්යතා
ඉ. ලැබීමට කැමැත්ත.
ලාභග්ග
පු. උසස් හෝ මහත් ලාභය.
ලාභමච්ඡරිය
න. අනුන්ට ලැබීම නොකැමැති වීම; ලාභය සැඟවීම.
ලාභසක්කාර
පු. ලාභය හා සැලකිල්ල.