බුද්ධදත්ත පාලි අකාරාදිය – 581
ලාභා
නි. යහපතකි; ලාභයකි.
ලාභී
3. ලබන්නා.
ලාමක
3. නීච වූ; පහත් වූ.
ලායක
3. කපන්නා.
ලායති
(ලූ+අ) දෑකැත්තෙන් කපයි.
ලායන
න. කැපීම.
ලායිත
3. කැපූ.
න. කැපූ දෙය.
ලායිත්වා
පූ.ක්රි. කපා.
ලායිතුං
නි. කපන්ට.
ලාලන
න. නැලවීම.
ලාලපති
(ලප+අ) දොඩවයි; විලාප කියයි.
ලාලප්පන
න. දෙඩවීම; විලාප කීම.
ලාලප්පිත
3. දෙඩවීම; විලාප කීම.
ලාලෙති
(ලල+ණෙ) නලවයි; පොළඹවයි.
ලාවක
3. කපන්නා.
ලාවෙති
(ලූ+ණෙ) කප්පවයි.
ලාස
පු. නැටීම.
ලාසන
න. නැටීම.
ලික්ඛා
ඉ. උකුණු බිත්තරය; මැනීමේදී ගනු ලබන ප්රමාණයක්; ලේඬියා.
ලිකුච
පු. දෙල්ගස.
ලිඛති
(ලිඛ+අ) අඳියි; ලියයි; හීන් කොට කපයි.
ලිඛන
න. ඇඳීම; කැපීම; ලිවීම.
ලිඛන්ත
3. ලියන; ලියමින්.
ලිඛාපෙත්වා
පූ.ක්රි. ලියවා.