බුද්ධදත්ත පාලි අකාරාදිය – 6

අඞ්ගද

න. බාහුවේ දමන වළල්ල.

අඞ්ගනා

ඉ. ස්ත්‍රිය.

අඞ්ගපච්චඞ්ග

න. මහත් කුඩා අවයව.

අඞ්ගරාග

පු. ඇ‍‍ඟ ගාන විලවුන්.

අඞ්ගවිජ්ජා

ඉ. ශරීර බලා සුභාසුභ කීම.

අඞ්ගාර

පු. න. අඟුරු.

අඞ්ගාරකටාහ

පු. අඟුරු කබල.

අඞ්ගාරකපල්ල

පු. අඟුරු කබල.

අඞ්ගාරමංස

න. ගිනි අඟුරු මත තබා පිළිස්සූ මස.

අඞ්ගික

3. කොටස් ඇති.

අඞ්ගීරස

පු. බුදුරජ.

අඞ්ගුට්ඨ

පු. අතේ හො පයේ මාපට ඇඟිල්ල.

අඞ්ගුල

න. අඟල; ඇඟිල්ල.

අඞ්ගුලි

ඉ. ඇඟිල්ල.

අඞ්ගුලිපතොදක

පු. ඇඟිල්ලෙන් ඇනීම.

අඞ්ගුලිමුද්දා

ඉ. නමේ මුලකුරු සහිත මුද්ද.

අඞ්ගුලියක

න. මුද්ද.

අචරියානී

ඉ. ගරු භාර්‍යාව.

අචල

3. නො සෙල්වෙන.

අච්චගා

(අති+අ+ගමු+ආ) ඉක්ම ගියේය.

අච්චන්ත

3. අතිශයෙන් අධික වූ; කෙළවර හෝ සීමාව ඉක්මවා ගිය.

අච්චන්තං

ක්‍රි.වි. අතිශයෙන්.

අච්චනා

ඉ. පිදීම.

අච්චය

පු. ඉක්මවා යාම; ඉකුත්වීම; දොෂය; වරද.

අච්චයෙන

ඇවෑමෙන්.