බුද්ධදත්ත පාලි අකාරාදිය – 7

අච්චායික

න. ඉක්මන් කටයුත්ත.

අච්චාසන්ත

3. ඉතා ළංවූ.

අච්චි

ඉ. ගිනිසිළ.

අච්චිත

3. පිදූ; පුදන ලද.

අච්චිමන්තු

පු. ගින්න.

අච්චුග්ගත

පු. ඉතා උස්ව නැගී; ඉතා උසස්.

අච්චුණ්හ

3. ඉතා උණුසුම්.

අච්චුත

3. නො මළ; පහ නොවූ.
න. නිවන.

අච්චුස්සන්ත

3. ඉතා අධික වූ; ඉතා බහුල වූ.

අච්චෙති

(අච්ච+ණෙ) පුදයි; (අති+ඉ+අ+) ඉක්ම යයි; ඉකුත් වේ.

අච්චොදක

න. අධික ජලය.

අච්ඡ

3. පිරිසිදු; පු. වලහා.

අච්ඡති

නැවතී සිටියි; වසයි; හිදියි‍.

අච්ඡම්භී

තැති ගැනීම් නැත්තා.

අච්ඡරා

ඉ. අහුර; ඇඟිලිතුඩ; ඇඟිලිතුඩු දෙක එකට ගසන තරම් කාලය; දෙවඟන.

අච්ඡරාසංඝාත

පු. අහුර ගැසීම; ඇඟිලිතුඩු දෙක එකට ගැසීම.

අච්ඡරිය

3. විස්මය ජනක.
න. පුදුමය; ආශ්චර්‍ය.

අච්ඡාදන

න. ඇඳුම; වස්ත්‍රය.
න. ඇඳීම.

අච්ඡාදනා

ඉ. වැසීම; සැඟවීම.

අච්ඡාදෙති

(ආ+ඡද+ණෙ) වසා දමයි; හැඳගනී.

අච්ඡි

නැවතී සිටියේය.
හුන්නේය.
න. ඇස.

අච්ඡිජ්ජ

පූ.ක්‍රි. කඩාගෙන; බලෙන් පැහැර ගෙන.

අච්ඡින්දති

(ආ+ඡිද+ංඅ) පැහැර ගනී; බලෙන් ගනී.