බුද්ධදත්ත පාලි අකාරාදිය – 5
අග්ඝති
(අග්ඝ+අ) වටී; සුදුසු වේ.
අග්ඝනක
3. වටිනාකම ඇති.
අග්ඝාපනක
3. මිල නියම කරන්නා.
අග්ඝාපනිය
3. මිල නියම කළයුතු (දෙය).
අග්ඝික
න. මල් ඇගෑව; මලින් සැරසූ කනුව.
අග්ඝිය
න. ආගන්තුක සත්කාරය.
3. වටිනා.
අගා
(අ+ගමු+ආ) ගියේය; ගියේලු.
අගාධ
3. ඉතා ගැඹුරු; පිහිටක් නැති.
අගාර
න. ගෙය.
අගාරික
3. ගිහිගෙට අයත්; ගෙයක් ඇති; පු. ගිහියා.
අගාරිය
3. ගිහිගෙය පිළිබඳ.
අගුත්ත
3. නො රක්නා ලද.
අගොචර
3. විෂය නොවූ; සුදුසු නොවූ.
අගොපිත
3. නො රක්නා ලද.
අඝ
න. අහස; දුක; පව; විපත; ස්කන්ධපස.
අඞ්ක
පු. ඇකය; ඉලක්කම; උකුල; සලකුණ.
අඞ්කිත
3. ලකුණුකරන ලද.
අඞ්කුර
3. දිග නො හැරුණු දළුව; පැලය.
අඞ්කුස
පු. ඇතුන් හසුරුවන අකුස්ස; කෙක්ක; හෙන්ඩුව.
අඞ්කෙති
(අකි+ණෙ) අඞ්ක දමයි; ලකුණු කරයි.
අඞ්කොල
පු. රුක්අඟුණ ගස.
අඞ්ග
පු. අඞ්ගදේශය.
න. අවයවය; කොටස; ගුණය; ශරීරාවයවය.
අඞ්ගජාත
න. රහසඟ; ස්ත්රී නිමිත්ත හෝ පුරුෂ ලිංගය.
අඞ්ගණ
න. ක්ලේශය; කිලුට; පිට්ටනිය; මළුව; මිදුල.