බුද්ධදත්ත පාලි අකාරාදිය – 622

විජ්ඣිතබ්බ

3. විදිය යුතු.

විජ්ඣිත්වා

පූ.ක්‍රි. විදලා.

විජ්ඣිතුං

නි. විදින්ට.

විජ්ඣිය

පූ.ක්‍රි. විදලා.

විජාත

3. ප්‍රසූත කළ; වැදූ.

විජාතකාල

පු. වැදූ අවස්ථාව.

විජාතඝර

න. උපන් ගෙය.

විජාතා

ඉ. වැදූ ස්ත්‍රිය.

විජාතික

3. අන්‍ය ජාතියකට අයත්.

විජානන

න. දැන ගැන්ම.

විජානන්ත

3. දන්නාවූ; දනිමින්.

විජානාති

(වි+ඤා+තා) අවබෝධ කරයි; දැන ගනී.

විජානිතබ්බ

3. දැනගත යුතු.

විජානිත්වා

පූ.ක්‍රි. දැනගෙන.

විජානිතුං

නි. දැන ගන්ට.

විජානිය

පූ.ක්‍රි. දැනගෙන.

විජායති

(විජ+ජන+ය) උපදවයි.

විජායන

න. ඉපදවීම; බිහි කිරීම.

විජායන්තී

ඉ. ප්‍රසූත කරන්නී; වදන්නී.

විජායමානා

ඉ. ප්‍රසූත කරන්නී; වදන්නී.

විජායිනී

ඉ. දරුවන් උපදවන ස්ත්‍රිය.

විජිගුච්ඡති

(වි+ගුප+ඡ) ඉතා පිළිකුල් කරයි.

විජිගුච්ඡමාන

3. ඉතා පිළිකුල් කරමින්.

විජිත

3. දිනාගත්; දිනූ.
න. යටත් කළ රට; රාජ්‍යය.